ත්රිවිධ සලාකාග්රාහය
49. එ සමයෙහි වනාහි සැවැත් නුවරැ මෙසේ පහළ වූ, මෙසේ උපන් අධිකරණයෙක් වෙයි. එ කල්හි එ මහණහු සැවැත් නුවර සංඝයා ගේ අධිකරණ සන්හිඳුවීමෙන් නො සතුටු වූවාහු ය. ඔහු “අසෝ ආවාසයෙහි බුහුශ්රැත වූ වාචෝද්ගත වැ ආ ආගමධම්ය ඇති, ධර්මධර වූ විනයධර වූ, මාතෘකාධර වූ, පණ්ඩිත වූ ව්යක්ත වූ ප්රඥා ඇති, ලජ්ජි වූ, කුකුස් කරන්නා වූ ශික්ෂාකාමී වූ බොහෝ තෙරහු වසත් ල, ඉදින් ඒ තෙරහු මේ අධිකරණය ධර්මයෙන් විනයයෙන් ශාසනාශාසනයෙන් සන්හිඳුවන්නාහු නම් මෙසේ මේ අධිකරණය මොනොවට සංසිඳුනෙක් වන්නේ යැ’ යි ඇසූහ. ඉක්බිති ඒ මහණහු ඒ ආවාසයට ගොස් ඒ තෙරුන් බණවා, “වහන්ස, මේ අධිකරණය මෙසේ පහළ වීය. මෙසේ උපන්නේ ය. වහන්ස, යාච්ඤා කරම්හ. තෙරහු ධර්මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් මේ අධිකරණය යම්සේ මොනොවට සන්හිඳු නො වන්නේ ද එසේ මේ අධිකරණය සන්හිඳුවත් වා” යි මෙ බස් කීහ.
50. එ කල්හි ඒ තෙරහු සැවැත් නුවර සංඝයා විසින් ඒ අධිකරණය යම් සේ සන්හිඳුවන ලද්දේ ද, (එහෙයින් ම) මොනොවට සන්හිඳුනේ වේ ද, එසේ ඒ අධිකරණය සන්හිඳුවුහ.
ඉක්බිති ඒ මහණහු සැවැත්නුවර සංඝයාගේ අධිකරණ ව්යපශමනයෙන් නො සතුටු වූවාහු ය. බොහෝ තෙරවරුන්ගේ අධිකරණ ව්යපශමනයෙන් නො සතුටු වූවාහු ය. ඔහු ‘අසෝ නම් ආවාසයෙහි ... තුන් නමෙක් තෙරහු වසත් ලැ යි. දෙ නමෙක් තෙරහු වසත් ලැ යි, බහුශ්රුත වූ වාචෝද්ගත වැ ආ ආගමධම්ය ඇති ධර්මධර වූ විනයධර වූ මාතෘකාධර වූ පණ්ඩිත වූ ව්යක්ත වූ ප්රඥා ඇති, ලජ්ජි වූ සුළු වරදෙහි ද කුකුස් කරන, ශික්ෂාකාමී වූ එක් තෙර නමෙක් වෙසෙයි. ඉදින් ඒ තෙර නම ධර්මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් මේ අධිකරණය සන්හිඳුවන්නේ නම් මෙසේ මේ අධිකරණය මොනොවට සන්හිඳුනේ වන්නේ යැ’ යි ඇසූහ.
51. එ කල්හි ඒ මහණහු ඒ ආවාසයට ගොස් ඒ තෙරහු බණවා, “වහන්ස, මේ අධිකරණය මෙසේ පහළ විය. මෙසේ උපන්නේ ය, යාච්ඤා කරම්හ, ස්ථවිර තෙමේ මේ අධිකරණය යම්සේ මොනොවට සන්හිඳුනක් වන්නේ ද එසේ ධම්යෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් මේ අධිකරණය සන්හිඳුවාවා’යි මේ වචන කීහ.
එ කල්හි ඒ ස්ථවිර තෙම සැවැත්නුවරැ යම්සේ සංඝයා විසින් ඒ අධිකරණය සන්හිඳුවන ලද්දේ ද, යම්සේ බොහෝ තෙරවරුන් විසින් (ඒ) අධිකරණය සන්හිඳුවන ලද්දේ ද, යම්සේ තුන් නමක් තෙරුන් විසින් (ඒ) අධිකරණය සන්හිඳුවන ලද්දේ ද, යම්සේ දෙ නමක් තෙරුන් විසින් (ඒ) අධිකරණය සන්හිඳුවන ලද්දේ ද, එසේ ම මොනොවට සංසිඳුනක් වූ පරිද්දෙන් ඒ අධිකරණය සන්හිඳුවී ය.
52. එ කල්හි ඒ මහණහු සැවැත්නුවරැ සංඝයාගේ අධිකරණව්යපශමනයෙන් නො සතුටු වූවාහු, බොහෝ තෙරුන් ගේ අධිකරණ ව්යපශමනයෙන් නො සතුටු වූවාහු, තුන් නමක් තෙරුන් ගේ අධිකරණ ව්යපශමනයෙන් නො සතුටු වූවාහු, දෙනමක් තෙරුන් ගේ අධිකරණ ව්යපශමනයෙන් නො සතුටු වූවාහු, එක් තෙර නමක ගේ අධිකරණව්යපශමන යෙක් නො සතුටු වූවාහු, භාග්යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළැඹ භාග්යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:
“මහණෙනි, මේ අධිකරණය නිමවන ලද්දෙක, සන්හිඳුනෙක, වෙසෙසින් සන්හිඳුනෙක, මොනොවට සන්හිඳුනෙක. මහණෙනි, ඒ මහණුන් හඳුන්වනු පිණිස ගුළ්හකය, සකණ්ණජප්පකය. විවටකය යන සලාකාගැන්වීම් තුන අනුදනිමි.