යේභුය්‍යසිකා විනය
48. මහණෙනි, ඉදින් ඒ මහණහු ඒ අධිකරණය උබ්බාහිකායෙන් සන්හිඳුවන්නට නො හැක්කාහු නම්, මහණෙනි, ඒ මහණුන් විසින් “වහන්ස, අපි මේ අධිකරණය උබ්බාහිකායෙන් සන්හිඳුවන්නට නො හැක්කමු. සංඝ තෙමේ මේ අධිකරණය සන්හිඳුවා වා” යි කියා ඒ අධිකරණය සංඝයාට මෙසේ පැවරිය යුතු, මහණෙනි, මෙ බඳු අධිකරණය යේභුය්‍යසිකායේන් සංන්හිඳුවන්නට අනුදනිමි.
අංග පසෙකින් සමන්‍විත මහණෙක් සලාකාග්‍රාහකයෙක් (සලාකා ගන්වන්නෙක්) කොට සම්මත කට යුතු: යමෙක් ඡන්‍දයෙන් අගතියට නො යන්නෙන් ද, ද්වේෂයෙන් අගතියට නොයන්නේ ද, මෝහයෙන් අගතියට නො යන්නෙන් ද, බියෙන් අගතියට නො යන්නේ ද, ගත් නොගත් සලාකා දන්නේ ද ... මෙබඳු වූ මහණ තෙම සලාකාග්‍රාහාපකයෙක් කොට සම්මත කළ යුතු වේ. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය: පළමු කොට මහණ තෙමේ යැදියැ යුතු යැද ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් (මෙසේ) සංඝ තෙමේ දැන්වීය යුතු:
“වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා ඉදින් සංඝයාට ප්‍රාප්තකාලය වේ නම්, සංඝ තෙමේ මෙනම් මහණහු සලාකා ගන්වන්නකු කොට සම්මත කරන්නේ ය. මේ දැන්වීම් යැ.
වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා. සංඝ තෙමේ මෙනම් මහණහු සලාකාග්‍රහාපකයකු කොට සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක් හට මෙනම් මහණහු සලාකාග්‍රාහාපකයකු කොට සම්මත කිරීම රිසියෙන්නේ නම්, හේ නිහඬ වේ වා. යමකුට නො රිසියෙන්නේ හේ හෝ කියාවා. සංඝයා විසින් මෙනම් මහණ සලාකාග්‍රාහාපකයකු කොට සම්මත විය. සංඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය: මෙසේ මෙය සලකමි” යනු යි.
ඒ සලාකාග්‍රාහාපක මහණහු විසින් සලාකා ගැන්වියැ යුතු ය. බහුතර වූ ධර්‍මවාදී මහණහු කියද්ද, එසේ ඒ අධිකරණය සන්හිඳුවිය යුතු ය. මහණෙනි. (මෙසේ) මේ අධිකරණය සන්හිඳුනේ යැ යි කියැ යුතු. කිමෙකින් සන්හිඳුනේ ද යත්: සම්මුඛාවිනයයෙන් ද යෙභූය්‍යසිබායෙන් ද යන දෙකෙනි. එහි සම්මුඛාවිනයය කිමෙක් ද? සංඝසම්මුඛතාව, ධර්‍මසම්මුඛතාව, විනයසම්මුඛතාව, පුද්ගලසම්මුඛතාව යන සතර ය. එහි සංඝ සම්මුඛතා නම් කවරයැ? යම් පමණ මහණ කෙනෙක් කර්‍මප්‍රාප්ත නම් ඔහු පැමිණියාහු වෙත් ද, ඡන්‍දය දෙන්නට සුදුසු මහණුන්ගෙන් ඡන්‍දය ගෙනෙන ලද්දේ වෙයි ද හමු වූ මහණහු ආක්‍රෝශ පරිභව නො කෙරෙත් ද, මේ එහි සංඝසම්මුඛතා නමි.
එහි ධර්‍මසම්මුඛතා විනයසම්මුඛතා නම් කවර යැ? යම් ධර්‍මයෙකින්, යම් විනයයෙකින්, යම් ශාස්තෘශාසනයෙකින් ඒ අධිකරණය සන්හිඳේ ද, මේ එහි ධර්‍මසම්මුඛතා යැ. විනය සම්මුඛතා යැ.
එහි පුද්ගලසම්මුඛතා නම් කවර යැ? යමෙකුත් විවාද කෙරෙයි ද, යමකු හාත් විවාද කෙරෙයි ද, ඒ තම පසෙහි වූ පුඟුලාත් විරුද්ධ පක්‍ෂයෙහි වූ පුඟුලාත් යන දෙදෙන හමු වූවාහු වෙත් ද, මේ එහි පුද්ගලසම්මුඛතා යැ.
එහි යේභුය්‍යසිකාව කවර යැ? යම් යෙභූය්‍යසිකාවෙක් වේ ද, කර්‍මය පිළිබඳ ක්‍රියාවෙක්, කිරීමෙක්, එළැඹීමෙක් වෙතට එළඹීමෙක්, ඉවසීමෙක් ප්‍රතිකොශ නො කිරීමෙක් වෙයි ද, මේ එහි යේභුය්‍යසිකාව යැ,
මහණෙනි, මෙසේ සන්හිඳුනු අධිකරණය කාරකයෙත් (එයට) සම්බන්‍ධ වූ මහණෙක් උත්කෝටනය කරන්නේ ද (ඉදිරියට අදනේ ද) ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ, විනිශ්චයයෙහි ඡන්‍දය දුන් මහණෙක් ඒ විනිශ්චයට දොස් කියන්නේ නම් ඛීයනක පාචිත්තිය ඇවැත වේ.
ත්‍රිවිධ සලාකාග්‍රාහය
49. එ සමයෙහි වනාහි සැවැත් නුවරැ මෙසේ පහළ වූ, මෙසේ උපන් අධිකරණයෙක් වෙයි. එ කල්හි එ මහණහු සැවැත් නුවර සංඝයා ගේ අධිකරණ සන්හිඳුවීමෙන් නො සතුටු වූවාහු ය. ඔහු “අසෝ ආවාසයෙහි බුහුශ්‍රැත වූ වාචෝද්ගත වැ ආ ආගමධම්ය ඇති, ධර්‍මධර වූ විනයධර වූ, මාතෘකාධර වූ, පණ්ඩිත වූ ව්‍යක්ත වූ ප්‍රඥා ඇති, ලජ්ජි වූ, කුකුස් කරන්නා වූ ශික්‍ෂාකාමී වූ බොහෝ තෙරහු වසත් ල, ඉදින් ඒ තෙරහු මේ අධිකරණය ධර්‍මයෙන් විනයයෙන් ශාසනාශාසනයෙන් සන්හිඳුවන්නාහු නම් මෙසේ මේ අධිකරණය මොනොවට සංසිඳුනෙක් වන්නේ යැ’ යි ඇසූහ. ඉක්බිති ඒ මහණහු ඒ ආවාසයට ගොස් ඒ තෙරුන් බණවා, “වහන්ස, මේ අධිකරණය මෙසේ පහළ වීය. මෙසේ උපන්නේ ය. වහන්ස, යාච්ඤා කරම්හ. තෙරහු ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් මේ අධිකරණය යම්සේ මොනොවට සන්හිඳු නො වන්නේ ද එසේ මේ අධිකරණය සන්හිඳුවත් වා” යි මෙ බස් කීහ.
50. එ කල්හි ඒ තෙරහු සැවැත් නුවර සංඝයා විසින් ඒ අධිකරණය යම් සේ සන්හිඳුවන ලද්දේ ද, (එහෙයින් ම) මොනොවට සන්හිඳුනේ වේ ද, එසේ ඒ අධිකරණය සන්හිඳුවුහ.