9. මූලායපටිකස්සන අවිසුද්ධි නවකය
1. මහණෙනි, මෙහි මහණෙක් ගණන් ඇත්තා වූ ද ගණන් නැත්තා වූ ද එක් නම් ඇත්තා වූ ද වෙන් වෙන් නම් ඇත්තා වූ ද සභාග වූ ද විසභාග වූ ද වෙන් වෙන් වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් අවදියි. හෙතෙමේ ඒ ඇවැත්නට සඞ්ඝයාගෙන් සමෝධාන පිරිවෙස යදියි. ඔහුට සඞ්ඝ තෙමේ ඒ ඇවැත් සඳහා සමෝධාන පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර ගණන් ඇති පිළිසන් නො වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැතුන් සඳහා මූලායපටිකස්සනය යදි. සඞ්ඝ තෙමේ ඔහුට දැහැමි වූ අකෝප්ය වූ තැනට නිසි කර්මයෙන් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සන කම් කෙරෙයි. දැහැමින් සමෝධාන පිරිවෙස් දෙයි. නො දැහැමින් මානත දෙයි. නො දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීන් ගෙන් පිරිසිදු වූයේ නො වේ.
2. මහණෙනි, මෙහි මහණෙක් ප්රමාණවත් වූ ද ප්රමාණ රහිත වූ ද එක් නමක් ඇත්තා වූ ද වෙන් වෙන් නම් ඇත්තා වූ ද සභාග වූ ද විසභාග වූ ද වත්ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝධාන පිරිවෙස යදියි. ඔහුට සඞ්ඝ තෙමේ ඒ ඇවැත් සඳහා සමෝධාන පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ අතර ප්රමාණවත් වූ වැසුනු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැත්නට මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ ඔහුට අකෝප්ය වූ තැනට නිසි දැහැමි කර්මයෙන් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනය කෙරෙයි. දැහැමෙන් සමෝධාන පිරිවෙස දෙයි. නො දැහැමින් මානත දෙයි, නො දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපතතින්ගෙන් අවිසුද්ධ වූයේ වෙයි.
3. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද එක් නම් වූ ද වෙන් වෙන් නම් වූ ද සභාග වූ ද විසභාග වූ ද විවත්ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ ඒ ඇවැත්නට සඞ්ඝයාගෙන් සමෝධාන පිරිවෙස යදියි. සඞ්ඝ තෙමේ ඒ ඇවැත් සඳහා ඔහුට සමෝධාන පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ අතර පමණ වූ පිළිසන් වූ ද පිළිසන් නො වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ අතර ඇවැත්නට සඞ්ඝයාගෙන් මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ අකෝප්ය වූ තැනට නිසි දැහැමිකර්මයෙන් ඔහුට අතර ඇවැත් සඳහා මූලායපටිකස්සන කම් කෙරෙයි. දැහැමින් සමෝධාන පිරිවෙස දෙයි. නො දැහැමින් මානත දෙයි. නො දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීගෙන් විසුද්ධ වූයේ නො වේ.
4-7. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද එක් නම් වූ ද වෙන් වෙන් නම් වූ ද සභාග වූ ද විසභාග වූ ද වවත්ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයා ගෙන් ඒ ඇවැත්නට සමෝධාන පිරිවෙස යදියි. සඟන තෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝධාන පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ අතර නො පමණ වූ නො වැසුනු ... නො පමණ වූ වැසුනු ... නො පමණ වූ වැසුනා වූත් නො වැසුනා වූත් ... පමණ වූ ද නො පමණ වූ ද නො වැසුනා වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ අකෝප්ය වූ තැනට නිසි දැහැමි කර්මයෙන් ඔහුට අතර ඇවැත් සඳහා මූලායපටිකස්සන කම් කෙරේ. දැහැමින් සමෝධාන පිරිවෙස දෙයි. නො දැහැමින් මානත දෙයි. නො දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ඇවැතුන්ගෙන් පිරිසිදු වූයේ නො වෙයි.
8. මහණෙනි, මෙහි මහණෙක් ගණන් ඇත්තා වූ ද ගණන් නැත්තා වූ ද එක් නමක් ඇත්තා වූ ද වෙන් වෙන් නම් ඇත්තා වූ ද සමාන වූ ද අසමාන වූ ද වවත්ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත් නට සමෝධාන පිරිවෙස යදියි. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝධාන පිරිවෙස දෙයි.