3.
සමුච්චයක්ඛන්ධකය
1. සුක්කවිස්සට්ඨි
1. අපටිච්ඡන්න මානත
1. එ සමයෙහි භාග්යවත් බුදුරජානන් වහන්සේ සැවත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එ කල්හි ආයුෂ්මත් උදායී තෙම අපටිච්ඡන්න වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි (දැන දැන සුකුරුමිදීම වූ) ඇවැතකට පැමිණියේ වෙයි. හෙ තෙම “ඇවැත්නි, මම් අපටිච්ඡන්න වූ සඤ්චේතනිකා සුක්කවියට්ඨි ඇවැතකට පැමිණියෙමි. මා විසින් කෙසේ නම් පිළිපැදිය යුතු දැ?” යි. භික්ෂූනට මෙ කරුණ සැළ කෙළේ ය. ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට සැළ කළහ.
2. “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට අපටිච්ඡන්න වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට ෂඩ්රාත්රික (සරැයක් පිරියැ යුතු) මානත දේවා. මහණෙනි, ඒ මානත ද මෙසේ දිය යුතු:
මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ, උතුරුසඟ එකස් කොට, වැඩි මහලු මහණුන්ගේ පා වැඳ, උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා, මෙසේ කියැ යුතු වන්නේ ය:
“වහන්ස, මම් පිළිසන් නොවූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මේ පිළිසන් නොවූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලමි. වහන්ස, මම් පිළිසන් නොවූ එක් සඤ්චේතනිකා ඇවැතකට පැමිණියෙමි. වහන්ස, පිළිසන් නොවූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවතට ෂාඩ්රාත්රික (සරැයක් පිරිය යුතු) මානත දෙවනුව ද සඞ්ඝයාගෙන් ඉල්ලමි. වහන්ස, මම් පිළිසන් නොවූ එක් සඤ්චේතනිකා ඇවැතකට පැමිණියෙමි. වහන්ස, මම් පිළිසන් නොවූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත තෙවනු ද සඞ්ඝයාගෙන් ඉල්ලමි” යනු යි.
3. ව්යක්ත ප්රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ තෙම නොපිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම නොපිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් ෂාඩ්රාත්රික මානත ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ග තෙමේ උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දෙන්නේ ය. මේ ඥප්තිය යි.”
“වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දෙයි. උදායී මහණහට නොපිළිසන් එක්සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේ වා. යමක් හට එය නො රිසියේ නම් හේ කියාවා.”
දෙවනු ද මේ කරුණ කියමි: වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ උදායී මහණ තෙම නොපිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවගැතකට පැමිණියේ ය. හෙ තෙම නොපිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දෙයි. උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමක් හට නො රිසියේ නම් හේ කියාවා.
තෙවනු ද මෙ කරුණ කියමි: වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ උදායී මහණ වෙතම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙතෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවගැතට සරැයක් පිරිය යුතු මානත දෙයි. උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමක් හට නො රිසියේ නම්, හේ කියාවා.
උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයා විසින් දෙන ලද්ෂද් ය. සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යනු යි.
අපටිච්ඡන්න මානත නිමියේ ය.
2. අපටිච්ඡන්න අබ්භානය
1. හෙ තෙම පිරූ මානත ඇත්තේ, භිකුෂුනට මෙසේ සැළ කෙළේ ය: “ඇවැත්නි, මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. ඒ මම් පිරූ මානත ඇත්තෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු ද?” යනුයි. භාග්යවතුන් වහන්සේට මේ කරුණ සැළකළහ.
2. “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙම උදායී මහණහට අබ්භානය කෙරේවා. මහණෙනි, මෙසේ අබ්භානය ද කළ යුතු වේ: “මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ උතුරුසඟ එකස් කොට, වැඩි මහලු භික්ෂූන්ගේ පා වැඳ, උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන් තබා මෙසේ කිය යුතු වන්නේය:
“වහන්ස, මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. වහන්ස, ඒ මම් පිරූ මානත ඇතියෙම් සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලමි.