10. මූලායපටිකස්සන විසුද්ධි නවකය
1-3. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද ... වවත්ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝධාන පරිවාසය යදියි. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝධාන පරිවාසය දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර පමණ වූ නො වැසුනු ... පමණ වූ වැසුනු ... පමණ වූ වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැත්නට මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ ඔහුට අකෝප්ය වූ තැනට නිසි දැහැමි කර්මයෙන් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනයනය කෙරෙයි. දැහැමින් සමෝධාන පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීන්ගෙන් විශුද්ධ වූයේ වෙයි.
4-6. මහගණනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද ... වවත්ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝධාන පිරිවෙස යදියි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ අතර අපමණ වූ නො වැසුනු ... අපමණ වූ වැසුනු ... අපමණ වූ වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ ඔහුට අකෝප්ය වූ තැනට නිසි දැහැමිකමින් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනය කෙරෙයි. දැහැමින් සමෝධාන පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීන්ගෙන් විශුද්ධ වූයේ වෙයි.
7-9. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද නො පමණ වූ ද ... නුමුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝදහන් පිරිවෙස යදියි. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ අතර පමණ වූ ද නො පමණ වූ ද නො වැසුනු ... පමණ වූ ද නො පමණ වූ ද වැසුනු ... පමණ වූ ද නො පමණ වූ ද වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මුලට ඇදීම යදියි. සඞ්ඝ තෙමේ අකෝප්ය වු තැනට සුදුසු දැහැමිකමින් ඔහු අතර ඇවැත් පිණිස මුලට අදියි. දැහැමින් සමෝදහන් පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ඇවැතුන්ගෙන් විශුද්ධ වූයේ වේ යී.
මූලායපටීකස්සනවිසුද්ධි නවකය නිමි.
11. දෙවන මූලායපටිකස්සන විසුද්ධි නවකය
1. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද නො පමණ වූ ද ... නුමුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝදහන් පිරිවෙස යදියි. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙනුයේ අතර ගණන් ඇති නො වැසුනු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැත් පිණිස මුලට ඇදීම යදී. සඞ්ඝතෙමේ කෝප්ය වූ (=ගැරහිය යුතු) තැනට නො නිසි නො දැහැමිකමින් ඔහු අතර ඇවැත් පිණිස මුලට අදියි. නො දැහැමින් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙමි යි හඟනේ ඒ අතර ගණන් සහිත නො වැසුනු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි.
හෙතෙමේ ඒ බිම සිටියේ පළමු ඇවැත්නට අතර ඇවැත් සමරයි. පසු ඇවැත්නට අතර ඇවැත් ද සමරයි. ඔහුව මෙසේ සිත් වේ. “මම් වූ කලි ගණන් සහිත වූ ද ගණන් රහිත වූ ද ... නුමුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝදහන් පිරිවෙස යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ ඒ ඇවැත් සඳහා සමෝදහන් පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙනුයෙම් අතර ගණන් සහිත නො වැසුනු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මුලට ඇදීම යැදීම්, සඞ්ඝ තෙමේ ඒ මා කෝප්ය වූ තැනට නො නිසි නො දහැමිකමින් ඒ ඇවැත් සඳහා මුලට ඇදී ය. නො දැහැමින් සමෝදහන් පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙමි යි හඟනෙම් අතර පමණ වූ නො වැසුනු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම එබිම සිටියෙම් පළමු ඇවැත්නට අතර ඇවැත් සමරමි. පසු ඇවැත්නට අතර ඇවැත් ද සමරමි. අකෝප්ය වූ තැනට නිසි දැහැමිකමින් පළමු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් පසු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් මුලට ඇදීම ද, දැහැමින් සමෝදහන් පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද යදනෙම් නම් මැනවැ” යි.