6. මූලායපටිකස්සන සිවුසියය
1. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ, ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවැද පිළිසන් නො කොට ශාසනයෙන් ච්යුත වෙයි. හෙතෙමේ නැවත උපසපන් වූයේ ඒ ඇවැත් නො වසයි. ඒ මහණ තෙම මුල්ඇවතට ඇදීම කළ යුතු.
2. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවැද පිළිසන් නො කොට සිවුරු හැර යයි. හෙතෙමේ නැවත උපසපන් වූයේ ඒ ඇවැත් සඟවයි. ඒ මහණතෙම් මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත්නට සමෝධානපරිවාසය දිය යුතු.
3. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවැද පිළිසන් කොට සිවුරු හැර යයි. හෙතෙමේ නැවත උපසපන් වූයේ ඒ ඇවැත් නො වසයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇදිය යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත්නට සමෝධාන පරිවාසය දිය යුතු,
4. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවැද පිළිසන් කොට සිවුරු හැර යයි. හෙතෙමේ නැවත උපසපන් වූයේ ඒ ඇවැත් සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවැත සමග පිළිසන් ඇවැත්නට සමෝධානපරිවාසය දිය යුතු.
5. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදී. ඒ මහණහට පිළිසන් වූ ද පිළිසන් නො වූ ද ඇවැත් වේ. හෙතෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර සැඟෙවූ ඇවැත් පසු ව නො සඟවයි. පළමු නො සැඟෙ වූ ඇවැත් පසුව ද නො සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමඟ පිළිසන් ඇවැත්නට සමෝධාන පරිවාසය දිය යුතු.
6. මහණෙනි, මෙහි මහණ තෙම් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදී. ඒ මහණහට පිළිසන් වූ ද පිළිසන් නො වූ ද ඇවැත් වෙයි. හෙතෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පළමු සැඟෙවූ ඇවැත් පසු ව නො සඟවයි. පළමු නො සැඟෙවූ ඇවැත් පසු ව සඟවයි. ඒ මහණතෙම මුල් ඇවැතට ඇදිය යුතු. ඒ මහණහට පළමු ඇවැත සමග පිළිසන් ඇවැතුන්ට සමෝධාන පරිවාසය දිය යුතු.
7. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදී. ඒ මහණහුගේ පිළිසන් වූ ද පිළිසන් නො වූ ද ඇවැත් වෙයි. ඒ මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර සැඟෙවූ ඇවැත් පසුවත් සඟවයි. පෙර නො සැඟෙවූ ඇවැත් පසුවත් නො සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට මුල් ඇවත සමග පිළිසන් ඇවැත්නට සමෝධානපරිවාසය දිය යුතු.
8. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ, ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඒ මහණහුගේ පිළිසන් වූ ද පිළිසන් නො වූ ද ඇවැත් වෙයි. ඒ මහණ තෙම සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර සැඟෙවූ ඇවැත් පසුව සඟවයි. පළමු නො සැඟෙවූ ඇවැත් පසු ව සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවැත සමග පිළිසන් ඇවැතුන්ට සමෝධානපරිවාසය දිය යුතු.
9. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත් දනියි. ඇතැම් ඇවැත් නො දනියි. යම් ඇවැත් දනී ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් නො දනී ද ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ සිවුරු හැර නැවත උපසපන් වූයේ පළමු දැන සැඟෙවූ ඇවැත් පසු ව දැන නො සඟවයි. පළමු නො දැන නො සැඟවූ ඇවැත් පසුව දැන නො සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැතුන්ට සමෝධානපරිවාසය දිය යුතු.
10. මහණෙනි, මෙහි මහණ තෙම පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි. ඇතැම් ඇවැත් දනියි. ඇතැම් ඇවැත් නො දනියි. යම් ඇවැත් දනියි ද, ඒ ඇවැත් වසයි. යම් ඇවැත් නො දනී ද, ඒ ඇවැත් නො වසයි. ඒ මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ, පෙර දැන සැඟෙවූ ඇවැත් පසු ව දැන නො සඟවයි. පෙර නො දැන නො සැඟෙවූ ඇවැත් පසු ව දැන සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට මුල් ඇවත සමග පිළියන් ඇවැතුන්ට සමෝධාන පිරිවෙස දිය යුතු.
11. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත් දනියි. ඇතැම් ඇවැත් නො දැනියි. යම් ඇවැත් දනියි ද ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් නො දනී ද, ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙමේ ශාසනයෙන් ච්යුත ව නැවත උපසපන් වූයේ පළමු දැන සැඟ වූ ඒ ඇවැත් පසුව දැන ද සඟවයි. පළමු නො දැන නො සැඟෙවූ ඇවැත් පසු ව දැන නො සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට මුල් ඇවත සමග පිළිසන් ඇවැතුන්ට සමෝධානපරිවාසය දිය යුතු.
12. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත් දනියි. ඇතැම් ඇවැත් නො දනියි. යම් ඇවැත් දනියි ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් නො දනියි ද, ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ, පළමු දැන සැඟෙවූ ඇවැත් පසු ව දැන සඟවයි. පළමු නො දැන නො සැඟෙවූ ඇවැත් පසු ව දැන සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැතුන්ට සමෝධානපරිවාසය දියයුතු.