7. පරිමාණාදි වාර අට
1. මහණෙනි, මෙහි මහණෙක් ප්රමාණවත් (=ගණන් ඇති) බොහෝ සඟ වෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
2. මහණෙනි, මෙහි මහණෙක් පමණ නැති බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
3. මහණෙනි, මෙහි මහණෙක් එක් නම් ඇති බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
4. මහණෙනි, මෙහි මහණෙක් වෙන් වෙන් නම් ඇති බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
5. මහණෙනි, මෙහි මහණෙක් සභාග වූ (= සමාන) බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
6. මහණෙනි, මෙහි මහණෙක් විසභාග වූ බොහෝ සඟෙවෙසස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
7. මහණෙනි, මෙහි මහණෙක් වෙන් වෙන් වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
8. මහණෙනි, මෙහි මහණෙක් මුසු වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
(යට කී පරිදි විතර කට යුතු යි.)
පරිමාණාදි වාර අට නිමියේ ය.
8. ද්වේභික්ඛුවාර එකොළොස
1. දෙමහණ කෙනෙක් සඟවෙසෙස් අවන්හු වෙති. ඔහු සඟවෙසෙස්හි සඟවෙසෙස් දිටු ඇත්තෝ වෙති. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා ඇවැත් දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු.
2. දෙමහණ කෙනෙක් සඟවෙසෙස් අවන්හු වෙති. ඔහු සඟවෙසෙස්හි විමති ඇත්තාහු වෙත්. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා ඇවැත් දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු.
3. දෙමහණ කෙනෙක් සඟවෙසෙස් අවන්හු වෙති. ඔහු සඟවෙසෙස්හි මුසුදිටු ඇත්තෝ වෙත්. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු.
4. මහණහු දෙදෙනෙක් මුසු ඇවැත් අවන්හු වෙති. ඔහු මුසු ඇවැත්හි සඟවෙසෙස් දිටු ඇත්තෝ වෙත්. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු.
5. දෙමහණ කෙනෙක් මුසු ඇවැත් අවන්හු වෙති. ඔහු මුසු ඇවැත්හි මුසුදිටු ඇත්තෝ වෙත්. එක් මහණෙක් වසයි. එක් මහණෙක් නො වසයි. යමෙක් වසා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දි දෙදෙනාට ම මානත දිය යුතු.
6. දෙමහණ කෙනෙක් නුමුසු ඇවැත් අවන්හු වෙති. ඔහු නුමුසු ඇවැත්හි සඟවෙසෙස් දිටු ඇත්තෝ වෙත්. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. දෙදෙන ම දහම් වූ පරිදි කරවිය යුතුහ.
7. දෙමහණ කෙනෙක් නුමුසු ඇවැත් අවන්හු වෙති. ඔහු නුමුසු ඇවැත්හි නුමුසු දිටු ඇත්තෝ වෙත්. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. දෙදෙන ම දහම් වූ පරිදි කරවිය යුතුහ.
8. මහණහු දෙදෙනෙක් සඟවෙසෙස් අවන්හු වෙති. ඔහු සඟවෙසෙස්හි සඟවෙසෙස් දිටු ඇත්තෝ වෙත්. එක් මහණකුට සැළකරන්නෙමි යි සිත් වෙයි. එක් මහණකුට නො සැළකරන්නෙමි යි සිත් වෙයි. හෙතෙමේ (රාත්රි) පළමු යම්හිත් සඟවයි. දෙවන යම්හිත් සඟවයි. තෙවන යම්හිත් සඟවයි. අරුණ නැගි කල අවැත සහවන ලද්දේ වේ. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු.