5. මානත්ත ශතකය
1. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණ පිළිසන් නො කොට උපැවිදි වෙයි. ඉදින් හෙතෙම නැවත උපසපන් වූයේ ඒ ඇවැත් නො පිළිසන් කෙරෙයි ද, මහණෙනි, ඒ මහණහට මානත දිය යුතු.
2. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණ නො පිළිසන් කොට උපැවිදි වෙයි ද, හෙතෙම නැවත උපසපන් වීමෙන් පැසුළු පිළිසන් ඇවැත් රැසෙහි පිළිසන් ඇවැත් පමණින් පිරිවෙස දී මානත දිය යුතු යි.
3. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණ පිළිසන් කොට උපැවිදි වෙයි ද, හෙතෙම නැවත උපසපන් වූයේ ඒ ඇවැත් නො වසයි ද, මහණෙනි, ඒ මහණහට පළමු ඇවැත් රැසෙහි පිළිසන් ඇවැත් පමණින් පිරිවෙස දී මානත දියයුතු.
4. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණ පිළිසන් කොට උපැවිදි වෙයි. හේ නැවත උපසපන් වූයේ ඒ ඇවැත් (සඟවයි) වසයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද දෙ ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
5. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි. ඒ මහණහට පිළිසන් වූ ද නො පිළිසන් වූ ද ඇවැත් වේ. ඒ මහණ තෙම උපැවිදි ව නැවත උපසපන් වූයේ පෙර වැසූ ඇවැත් පසු ව නො වසයි. පෙර නො වැසූ ඇවැත් පසු ව ද නො වසයි. මහණෙනි, ඒ මහණහට පළමු ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
6. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණේ, ඒ මහණහට පිළිසන් වූ ද නො පිළිසන් වූ ද ඇවැත් වේ. ඒ මහණතෙම උපැවිදි ව නැවත උපසපන් වූයේ පෙර වැසූ ඇවැත් පසු ව නො වසයි. පෙර නො වැසූ ඇවැත් පසු ව වසයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
7. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි. ඒ මහණහට පිළිසන් වූ ද නො පිළිසන් වූ ද ඇවැත් වේ. හෙතෙම සිවුරු හැර ගොස් නැවත උපසපන් වූයේ පෙර වැසූ ඇවැත් පසු ව ද වසයි. පෙර නො වැසූ ඇවැත් පසුව ද නො වසයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසුවූ ද ඇවැත් කඳෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
8. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි. ඒ මහණහට පිළිසන් වූ ද නොපිළිසන් වූ ද ඇවැත් වේ. ඒ මහණතෙම උපැවිදි ව නැවැත උපසපන් වූයේ පළමු වැසූ ඇවැත් පසු ව ද වසයි. පළමු නො සැඟවූ ඇවැත් පසු ව සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දියයුතු.
9. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි. ඇතැම් ඇවැත් දනියි. ඇතැම් ඇවැත් නො දනියි. යම් ඇවැත් දනියි ද ඒ ඇවැත් වසයි. යම් ඇවැත් නො දනියි ද ඒ ඇවැත් නො වසයි. ඒ මහණ තෙම සිවුරු හැර නැවත උපසපන් වූයේ පළමු දැන සැඟෙවූ ඇවැත් පසු ව දැන නො වසයි. පෙර නො දැන නො සැඟෙ වූ ඇවැත් පසු ව දැන නො වසයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.