4. පිරිවෙස් සතිස
1. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ, ඒ අතර ප්රමාණයක් ඇති පිළිසන් නො වූ බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි. ඒ මහණ තෙම මුල් ඇවැතට ඇදීම කළ යුතු.
2. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම පිරිවෙස් පුරන්නේ ඒ අතර ප්රමාණයක් ඇති පිළිසන් වූ බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි, ඒ මහණ තෙම මුල් ඇවැතට ඇදීම කළ යුතු, ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැතුන්ට සමෝධානපරිවාසය දිය යුතු.
3. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම පිරිවෙස් පුරන්ගෙන් ඒ අතර ප්රමාණයක් ඇති පිළිසන් වූ ද නො පිළිසන් වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණෙයි ද, ඒ මහණ තෙම මුල් ඇවැතට ඇදීම කළ යුතු යි. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත්නට සමෝධාන පරිවාසය දිය යුතු.
4-9. මහණෙනි, මේ ශාසනයෙහි, මහණ තෙම පිරිවෙස් පුරන්නේ ඒ අතර ප්රමාණයක් නැති නො පිළිසන් වූ ... අප්රමාණ වූ පිළිසන් වූ ... ප්රමාණයක් නැති පිළිසන් වූ ද තො පිළිසන් වූ ද … ප්රමාණයක් ඇත්තා වූ ද, ප්රමාණයක් නැත්තා වූ ද නො පිළිසන් වූ (ඇවැතුන්ට) ප්රමාණයක් ඇත්තාවූද ප්රමාණයක් නැත්තාවූ ද පිළිසන් (ඇවැත්වලට) ප්රමාණයක් ඇත්තාවූ ද පමණක් නැත්තා වූ ද, පිළිසන් වූ ද, නො පිළිසන් වූ ද ඇවැත්වලට පැමිණෙයි. ... මහණෙනි, ඒ මහණ තෙම මුල් ඇවැතට ඇදීම කළ යුතු. ඒ මහණහට මුල් ඇවත සමග පිළිසන් ඇවැතුන්ට සමෝධානපරිවාසය දිය යුතු.
10-36. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මානත පිරීමට සුදුසු වූයේ ... මානත පුරන්නේ ... අබ්භානකර්මයට සුදුසු වූයේ ඒ අතර ප්රමාණයක් ඇති නො පිළිසන් වූ බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණෙයි ද ... ප්රමාණයක් ඇති පිළිසන් වූ (ඇවැත්වලට) ... ප්රමාණයක් ඇති පිළිසන් වූ ද නො පිළිසන් වූ ද (ඇවැත්වලට) ... ප්රමාණයක් නැති පිළිසන් ඇවැත්වලට ... ප්රමාණ රහිත පිළිසන් වූ ද නො පිළිසන් වූ ද ඇවැත්වලට ... ප්රමාණයක් ඇත්තාවූ ද ප්රමාණයක් නැත්තා වූ ද නො පිළිසන් ඇවැත්වලට ... ප්රමාණයක් ඇත්තා වූ ද ප්රමාණයක් නැත්තා වූ ද, පිළිසන් ඇවැත්වලට ... ප්රමාණයක් ඇත්තාවූ ද ප්රමාණයක් නැත්තාවූ ද පිළිසන්වූද නො පිළිසන්වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණෙයි. ඒ මහණතෙම මුල්ඇවැතට ඇදීම කළ යුතු. ඒ මහණහට පළමු ඇවැත මග පිළිසන් ඇවැතුන්ට සමෝධානපරිවාසය දිය යුතු.
පිරිවෙස් සතිස නිමි.
5. මානත්ත ශතකය
1. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණ පිළිසන් නො කොට උපැවිදි වෙයි. ඉදින් හෙතෙම නැවත උපසපන් වූයේ ඒ ඇවැත් නො පිළිසන් කෙරෙයි ද, මහණෙනි, ඒ මහණහට මානත දිය යුතු.
2. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණ නො පිළිසන් කොට උපැවිදි වෙයි ද, හෙතෙම නැවත උපසපන් වීමෙන් පැසුළු පිළිසන් ඇවැත් රැසෙහි පිළිසන් ඇවැත් පමණින් පිරිවෙස දී මානත දිය යුතු යි.
3. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණ පිළිසන් කොට උපැවිදි වෙයි ද, හෙතෙම නැවත උපසපන් වූයේ ඒ ඇවැත් නො වසයි ද, මහණෙනි, ඒ මහණහට පළමු ඇවැත් රැසෙහි පිළිසන් ඇවැත් පමණින් පිරිවෙස දී මානත දියයුතු.