3. චත්තාළීසකය
1. එ සමයෙහි වනාහි එක්තරා මහණෙක් පිරිවෙස් පුරණුයේ උපැවිදි ය. හෙ තෙම යලි පෙරළා අවුත් භික්‍ෂූන් උපසපුව යැදී. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළකළහ.
2. (1) “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම පිරිවෙස් පුරණුයේ ගිහිබවට පෙරැළෙයි ද, මහණෙනි, ගිහිබවට පෙරැළුනහුට පිරිවෙස නො නගියි (නො යෙදෙයි). ඉදින් ඒ මහණ තෙම නැවත උපසන් වෙයි ද, ඒ මහණහට ඒ පළමු පිරිවෙස් දීම එසේ ම ය. යම් පිරිවෙසක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දේ ය. යම් පිරිවෙසක් වුසූයේ ද, එය මැනැවින් වසනලද්දේය. ඉතිරි පිරිවෙස පිරිය යුතු.
(2) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම පිරිවෙස් පුරණුයේ හෙරණබවට පැමිණේ ද, හෙරණහට පිරිවෙස නො නගියි ඉදින් හෙ තෙම නැවත උපසම්පදාවට පැමිණෙයි ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම ම ය. යම් පිරිවෙසක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසී ද, එය මනාව වසන ලද්දකි. සෙසු පිරිවෙස විසිය යුතු.
3. (3) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම පිරිවෙස් පුරන්නේ උමතු වේ ද, මහණෙනි, උමතුවාට පිරිවෙස නොනගියි. ඉදින් හෙ තෙම නැවත නො උමතුවෙක් වේ ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම ම ය. යම් පිරිවෙසක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසී ද, එය මනා ව පුරණ ලද්දකි. සෙසු පිරිවෙස පිරිය යුතු යි.
(4) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම පිරිවෙස් පුරන්නේ වික්‍ෂිප්ත චිත්තයෙක් (පෙරැළුන සිතැත්තෙක්) වෙයි ද, මහණෙනි, පෙරැළුන සිතැත්තහුට පිරිවෙස නොනගියි. ඉදින් එ මහණ තෙම නැවත පියෙවි සිතැත්තේ වේ ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම ම ය. යම් පිරිවෙසක් දුන්නේ ද, එය මැනවින් දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසී ද, එය මනාව වසන ලද්දකි. ඉතිරිකාලය පිරිවෙස් පිරිය යුතු.
(5) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම පිරිවෙස් පුරන්නේ වේදනාවෙන් පෙළෙන්නේ වේ ද, මහණෙනි, වේදනාවෙන් පෙළෙන්නාට පිරිවෙස නොනගී. ඉදින් හෙ තෙම නැවත වේදනාවෙන් නො පෙළෙන්නේ වේ ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දිම ම ය. ...
4. (6) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ පිරිවෙස් පුරණුයේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් කරණු ලැබේ ද, මහණෙනි, උකෙව්නිකම් කරණු ලැබුවහුට පිරිවෙස නො නැඟෙයි. ඉදින් හෙ තෙම නැවත ඇතුළත් කර ගණු ලැබේ ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම ම ය ...
(7) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ පිරිවෙස් පුරණුයේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උකෙව්නිකම් කරණු ලැබේ ද, මහණෙනි, උකෙව්නිකම් කරණු ලැබූවහුට පිරිවෙස නො නගියි ...
(8) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ලාමකදෘෂ්ටිය නොදුරැලීමෙහි උකෙව්නිකම් කරණු ලැබේ ද, මහණෙනි, උකෙව්නිකම් කරණු ලැබුවහුට පිරිවෙස නො නගී. හෙතෙම නැවැත ඇතුළත් කර ගණු ලැබේ ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම ම ය. යම් පිරිවෙසක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දේය. යම් පිරිවෙසක් වසන ලද ද, ඒ මනාව වසන ලද්දේය. සෙසු කාලය පිරිවෙස් පිරිය යුතුය.
5. (9-16) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ මූලායපටිකස්සනයට සුදුසු වූයේ සිවුරු හරී ද, මහණෙනි, සිවුරු හළහුට මූලායපටිකස්සනය නො යෙදෙයි. ඉදින් හෙතෙමේ උපසම්පදාව ලබා ද, ඒ මහණහට ඒ පළමු පිරිවෙස් දීම එසේ ම ය. යම් පිරිවෙසක් දෙන ලද ද, එය මනා ව දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසිනි ද, එය මනා ව වැස නිමවිනි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇදිය යුතු. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ මූලායපටිකස්සනයට සුදුසු වූයේ හෙරණෙක් වේ ද, ... උමතුවෙක් වේ ද, ... වික්‍ෂිප්ත සිතැත්තෙක් වේ ද, ... වේදනායෙන් පෙළෙන්නෙක් වේ ද, ... ඇවැත නො දැක්මෙහි උක්ඛේපනීයකර්‍මය කරණු ලබා ද, ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණු ලබා ද, ... ලාමකදාෂ්ටිය නො දුරැලීමෙහි උක්ඛේපනීයකර්‍මය කරණු ලබා ද, මහණෙනි, උකෙව්නිකම් කළහුට මූලායපටිකස්සනය නො යෙදෙයි. ඉදින් හෙතෙම නැවත ඇතුළත් කර ගණු ලැබේ ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම එසේ ම ය. යම් පිරිවෙසක් දෙන ලද ද, එය මනා ව දෙන ලද්දේ ය. යම් පිරිවෙසක් විසිනි ද, එය මනාව වැස නිමවිනි. ඒ මහණ තෙම් මුල් ඇවතට ඇදිය යුතු.
6. (17-24) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ මානත පිරීමට සුදුසු වූයේ උපැවිදි වෙයි ද, මහණෙනි, උපැවිදි වූවහුට මානත දීම නො යෙදෙයි. ඉදින් මහ තෙම් නැවත උපසම්පදාව ලබයි ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම් එසේ ම ය. යම් පිරිවෙසක් දෙනු ලැබී ද, එය මනා ව දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසිනි ද, එය මැනැවින් වැස නිමවිනි. ඒ මහණහට මානත දිය යුතු. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ මානත පිරීමට සුදුසු වූයේ සාමණේරයෙක් වේ ද, ... උමතුවෙක් වේ ද ... වික්‍ෂිප්ත සිතැත්තෙක් වේ ද ... වේදනාවෙන් පෙළෙන්නෙක් වේ ද ... ඇවැත නො දැක් මෙහි උඛෙවිනිකම් කරණු ලබයි ද ... ඇවැතට පිළියම් නො කිරීමෙහි උඛෙව්නිකම් කරණු ලබයි ද, ලාමකදෘෂ්ටිය නො දුරලීමෙහි උකෙව්නිකම් කරණු ලබයි ද, මහණෙනි, උඛෙව්නිකම් කළහුට මානත දීම නො යෙදෙයි. ඉදින් හෙතෙම නැවත ඇතුළත් කරගණු ලැබේ ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම් එසේ ම ය. යම් පිරිවෙසක් දෙන ලද ද, එය මනා ව දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසිනි ද, එය මනාව වැස වැස නිමවිනි. ඒ මහණහට මානත දිය යුතු.
7. (25) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ මානන පුරන්නේ උපැවිදි වෙයි ද, මහණෙනි, උපවැදී වූවහුට මානත පිරීම නො යෙදේ. ඉදින් හෙතෙම නැවත උපසම්පදාව ලබයි ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම එසේ ම ය. යම් පිරිවෙසක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසිනි ද, එය මනාව වැස නිමවිනි. යම් මානතක් දෙන ලද ද, එය මනාව දෙන ලද්දකි. යම් මානතක් පුරණ ලද ද, එ මනාව පුරණ ලද්දකි. සෙස්ස පිරිය යුතු.