4. දෙමස්පිරිවෙස් පිරියැයුතු සැටි
1. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂූ තෙමේ දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. ඒ භික්ෂූහට “මම වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස යදින්නේනම් නම් යෙහෙකැ”යි මේ සිත විය. ඒ භික්ෂූ තෙම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයාගෙන් යදියි. සඞ්ඝ තෙම ඒ භික්ෂූහට දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස දෙයි. පිරිවෙස් පුරණ ඒ භික්ෂූහට “මම වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි” යි ලජ්ජීධර්මය උපදියි. - ඒ මට ‘මම් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඉදින් මම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස් පිරිවෙස සඞ්ඝයා යැදීමි. ඒ මට සංඝ තෙම දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස් පිරිවෙස දුනි. පිරිවෙස් පුරණ ඒ මට ‘මම් දෙමසක් පිළිසන් අනිත් ඇවතටත් දෙමස්පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් යෙහෙකැ’ යි ලජ්ජීධර්මය පහළ විය. ඒ භික්ෂූ තෙම දෙමසක් පිළිසන් වූ අනෙක් ඇවැතට ද දෙමස් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙම ඒ භික්ෂූහට දෙමසක් පිළිසන් අනෙක් ඇවැතට ද දෙමස් පිරිවෙස දෙයි. මහණෙනි ඒ මහණ විසින් (අනාරෝචිත) ඒ ඇවැත නිමිති කොට දෙමසක් පිරිවෙස පිරියයුතු.
2. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂූ තෙම දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. එක් ඇවැතක් දනී එක් ඇවැතක් නො දනී. හෙ තෙම යම් ඇවැතක් දනී ද, දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමස් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙම දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමසක් පිරිවෙස ඔහුට දෙයි. පිරිවෙස් පුරණ හෙ තෙම අනිත් ඇවත ද දනියි. ඔහුට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයමි. එක් ඇවැතක් දැන සිටියෙමි. එක් ඇවැතක් නොදැන සිටියෙමි. ඒ මම යම් ඇවැතක් දැන සිටියෙම් ද, දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමස් පිරිවෙස සඞ්ඝයා යැදීමි. සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමස් පිරිවෙස ඒ මට දුන. පිරිවෙස් පුරණ ඒ මම් අනිත් ඇවැත ද දනිමි. – ‘මම් දෙමසක් පිළිසන් වූ අනිත් ඇවැතට ද දෙමසක් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත වෙයි. ඒ භික්ෂූ තෙම දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ භික්ෂූහට දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස දෙයි. මහණෙනි, ඒ මහණ විසින් (පසු ව දැන ගත්) ඒ ඇවැත මුල් කොට දෙමසක් පිරිවෙස් විසිය යුතු ය.
3. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. (එයින්) එක් ඇවැතක් සිහි කරයි. දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ භික්ෂූහට දෙමසක් පිළිසන් ඒ ඇවැතට දෙමස් පිරිවෙස දෙයි. -
පිරිවෙස් පුරණ ඒ භික්ෂූ තෙම අනෙක් ඇවැත ද සිහි කරයි. ඒ භික්ෂුහට “මම වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. (එයින්) එක් ඇවැතක් සිහි කළෙමි. එක් ඇවැතක් සිහි නො කෙළෙමි. ඒ මම් යම් ඇවැතක් සිහි කළෙම් ද, දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමස් පිරිවෙස සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් ඒ ඇවැතට දෙමස්පිරිවෙස දුනි. පිරිවෙස් පුරණ ඒ මම් අනෙක් ඇවැත ද සිහි කරමි. මම දෙමසක් පිළිසන් වූ අනෙක් ඇවැතට ද දෙමස්පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ” යි මෙසේ සිතෙයි. ඒ භික්ෂු තෙමේ දෙමසක් පිළිසන් වූ අනෙක් ඇවැතට ද දෙමස්පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ භික්ෂූහට දෙමසක් පිළිසන් වූ අනෙක් ඇවැතට ද දෙමස් පිරිවෙස දෙයි. මහණෙනි, ඒ භික්ෂූ විසින් (පසු ව සිහි කළ) ඒ ඇවැත කරුණු කොට දෙමසක් පිරිවෙස පිරිය යුතු.
4. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. (එයින්) එක් ඇවැතක් පිළිබඳ විමති නැත්තේ ය. එක් ඇවැතක් පිළිබඳ විමති ඇත්තේ ය. ඒ භික්ෂු තෙමේ යම් ඇවැතෙක විමති නැත්තේ ද, දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමස් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ මහණහට දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමස්පිරිවෙස දෙයි. පිරිවෙස් පුරණ ඒ මහණ තෙම අනිත් ඇවැතෙහි ද විමති නැත්තේ වෙයි. ඒ මහණහට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණි යෙමි. එක් ඇවැතක් පිළිබඳ විමති ඇත්තෙමි. එක් ඇවැතක විමති නැත්තෙමි. ඒ මම යම් ඇවැතෙක්හි විමති නැත්තෙම් ද, දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යැදීමි. සඞ්ඝ තෙමේ ඒ මට දෙමසක් පිළිසන් ඒ ඇවැතට දෙමස්පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මම් අනිත් ඇවැතෙහි ද විමත් නැත්තෙම් වීමි. ඒ මට මම් දෙමසක් පිළිසන් වූ අනිත් ඇවැතට ද දෙමස්පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙක” යී මෙසේ සිතෙයි. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ අනිත් ඇවැතට ද දෙමස්පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් වූ අනෙක් ඇවැතට ද දෙමස්පිරිවෙස ඔහුට දෙයි. මහණෙනි, ඒ මහණ විසින් (පසු ව නිසැක වූ) ඒ ඇවැත මුල් කොට ගෙණ දෙමසක් පිරිවෙස් විසිය යුතු.
5. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. එක් ඇවැතෙක් දැන පිළිසන් ය. එක් ඇවැතෙක් නොදැන පිළිසන් ය. ඒ භික්ෂූ තෙම දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්නට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ භික්ෂූහට දෙමසක් පිළිසන්වූ ඒ ඇවත්නට දෙමස්පිරිවෙස දෙයි. -