3. දෙමස් පිරිවෙස
1. එ කල්හි එක්තරා මහණෙක් දෙමසක් පිළිසන්වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ වෙයි. ඒ භික්ෂූහට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ” යි මේ සිත විය. හෙ තෙම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඟහු යැදී ය. සඞ්ඝ තෙමේ ඒ භික්ෂූහට දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස් පිරිවෙස දුන පිරිවෙස් පුරණ ඔහුට ලජ්ජිධර්මය පහළවිය: “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට - මම් දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැයි මේ සිත උපන. ඒ මම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලීමි. සඞ්ඝ තෙම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස් පිරිවෙස ඒ මට දුන්නේ ය. පිරිවෙස් පුරණ මට - මම දෙමසක් පිළිසන් වූ අන් ඇවැතට ද දෙමස් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ”යි. ලජ්ජීධර්මය පහළ විය.
2. ඒ භික්ෂූ තෙම භික්ෂූන්හට මෙසේ කීය. “ඇවැත්නි, මම් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස් පිරිවෙස සඟහු යදින්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතට දෙමස් පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් වූ, සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි’ යි ලජ්ජීධර්මය පහළවිය. මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඟහු යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය.
ඒ මම් දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට ලජ්ජීධර්මය පහළ විය: ‘මම් දෙමසක් පිළිසන් වූ අන් ඇවතකටත් දෙමස්පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකි’ යි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ? යි.
3. ඔහු භාග්යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ ඒ භික්ෂූහට දෙමසක් පිළිසන්වූ අනිත් ඇවැතට ද දෙමස්පිරිවෙස දේවා. මහණෙනි, (ඒ දෙමස්පිරිවෙස ද) මෙසේ දිය යුතු: මහණෙනි, ඒ මහණ විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට පෙරෙව වැඩි මහලු භික්ෂූන්ගේ පා වැඳ උත්කුටුක ව හිඳ ඇඳිලි බැඳ, මෙසේ කිය යුතු: “වහන්ස, මම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමසක් පිරිවෙස යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යැදීමි. සඞ්ඝ තෙම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමසක් පිරිවෙස ඒ මට දුන. පිරිවෙස් වසන ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි යි ලජ්ජීධර්මය පහළ විය’. ඒ මට මේ සිත විය: ‘මම් දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ’ යි. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදීමි. සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස ඒ මට දුන. පිරිවෙස් පුරණ ඒ මට “මම දෙමසක පිළිසන් ඉතිරි ඇවැතටත් දෙමස් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි ලජ්ජිධර්මය පහළ විය. වහන්ස, ඒ මම් දෙමසක් පිළිසන් ඉතිරි ඇවැතටත් දෙමස්පිරිවෙස සඞ්ඝයා යදිමි”යි දෙවනුත් යැදිය යුතු තෙවනුත් යැදිය යුතු.
4. ව්යක්ත ප්රතිබල මහණකු විසින් සඞ්ඝයා දැන්විය යුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ නම් භික්ෂූ තෙම දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ ය. ඒ භික්ෂූහට ‘මම් වනාහි දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමසක් පිරිවෙස සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත විය. හේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යැදී ය. සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස ඔහුට දුන. පිරිවෙස් පුරණ ඒ භික්ෂූහට ‘මම් වනාහි දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි’ යි. ලජ්ජීධර්මය පහළ විය. ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසේ ඇවැත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස් පිරිවෙස යදින්නෙම් නම් යෙහෙකි’ යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදීමි.