9. තිකාපත්ති මානත
1. හෙ තෙම වුසූ පිරිවෙස් ඇතියේ, “ඇවැත්නි, මම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ” යි මහණුනට සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
2. මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට තුන් ආපත්තීනට ෂාඩ්රාත්‍රික මානත දේවා. මහණෙනි, මෙසේ එය දිය යුතු: ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ “වහන්ස, මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම පඤ්චාහප්‍රතිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසන්නෙම්, අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට සඞ්ඝයාගෙන් මූලායපටිකස්සනාව ඉල්ලීමි. සඞ්ඝ තෙමේ මට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට සුදුසු වූයෙම්, අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. වහන්ස, ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, සඞ්ඝයාගෙන් තුන් ඇවැත්නට ෂඩ්රාත්‍රික මානත ඉල්ලමි’ යනු යි. දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
3. “වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ උදායී මහණ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය ... හේ වුසූ පිරිවෙස ඇත්තේ සඞ්ඝයාගෙන් තුන් ඇවැත්නට ෂාඩ්රාත්‍රික මානත ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට ප්‍රාප්තකාල වී නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට ෂාඩ්රාත්‍රික මානත දේවා. මේ ඥප්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ පඤ්චාහ ප්‍රතිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය ... හේ පිරූ පිරිවෙස් ඇතියේ සඞ්ඝයාගෙන් තුන් ඇවැත්නට ෂඩ්රාත්‍රික මානත ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට ෂාඩ්රාත්‍රික මානත දෙයි. උදායී මහණහට තුන් ඇවැත්නට ෂඩ්රාත්‍රික මානත දීම යම් ආයුෂ්මතකුට රිසියේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම්, හේ කියාවා.
දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ...
සඞ්ඝයා විසින් උදායී මහණහට තුන් ඇවැත්නට ෂඩ්රාත්‍රික මානත දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යි.
තිකාපත්ති මානත නිමියේ ය.
10. මානත්තචාරිකමුලායපටිකස්සනාව
1. හේ මානත පුරණුයේ, අතරැ නොපිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ භික්‍ෂූනට “ඇවැත්නි, පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට මම් පැමිණියෙමි … ඒ මම් මානත පුරණුයෙම්, නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ” යි සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
2. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙම උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට, ෂාඩ්රාත්‍රික මානත දේවා. මහණෙනි, මෙසේ මූලායපටිකස්සනාව කළ යුතු: මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරු සඟ එකස් කොට වැඩිමහලු තෙරුන් පා වැඳ උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන තබා මෙසේ කියැ යුතු වන්නේය: “වහන්ස, මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතක් අවනිමි. ඒ මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට පස්දිනක් පිරිවෙස සඞ්ඝයා වෙතින් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට පස් දිනක් පිරිවෙස දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසන්නෙම්, අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවනිමි. ඒ මම් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයා වෙතින් ඉල්ලීමි. ඒ මට සංඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙසැත්තෙම්, මානතට සුදුසු වූයෙම්, ඒ අතරැ නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවනිමි. ඒ මම් අතරැ අවන් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. වහන්ස, ඒ මම් පිරිවුසු පිරිවෙස ඇතියෙම්, තුන් ඇවැතුන් සඳහා සරැයෙක මානත සඟහු යැදීමි.