10. මානත්තචාරිකමුලායපටිකස්සනාව
1. හේ මානත පුරණුයේ, අතරැ නොපිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ භික්‍ෂූනට “ඇවැත්නි, පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට මම් පැමිණියෙමි … ඒ මම් මානත පුරණුයෙම්, නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ” යි සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
2. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙම උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට, ෂාඩ්රාත්‍රික මානත දේවා. මහණෙනි, මෙසේ මූලායපටිකස්සනාව කළ යුතු: මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරු සඟ එකස් කොට වැඩිමහලු තෙරුන් පා වැඳ උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන තබා මෙසේ කියැ යුතු වන්නේය: “වහන්ස, මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතක් අවනිමි. ඒ මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට පස්දිනක් පිරිවෙස සඞ්ඝයා වෙතින් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට පස් දිනක් පිරිවෙස දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසන්නෙම්, අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවනිමි. ඒ මම් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයා වෙතින් ඉල්ලීමි. ඒ මට සංඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙසැත්තෙම්, මානතට සුදුසු වූයෙම්, ඒ අතරැ නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවනිමි. ඒ මම් අතරැ අවන් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. වහන්ස, ඒ මම් පිරිවුසු පිරිවෙස ඇතියෙම්, තුන් ඇවැතුන් සඳහා සරැයෙක මානත සඟහු යැදීමි.
ඒ මට සඟ තෙමේ තුන් ඇවැත්නට සරැයෙක මානත දුනි. ඒ මම් මානත පුරනුයෙම්, අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවතක් අවනිමි. වහන්ස, (ඒ මම අතරැ අවන්) නො පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව සඟහු යදිමි” යනු යි. දෙවනු දු යැදිය යුතු ... තෙවනුදු යැදියැ යුතු ... වියත් පිළිබල මහණක්හු විසින් මෙසේ සඟ තෙමේ දැන්වියැ යුතු:
3. “සඟ තෙමේ මබස් අසාවා. මේ උදායී මහණ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවන ... හේ වුසූ පිරිවෙස් ඇත්තේ තුන් ඇවැත්නට සඟහු සරැයෙක මානත යැදී. සඟ තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට සරැයෙක මානත දුන. හේ මානත පුරනුයේ අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවන හේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව සඟහු යදි. ඉදින් (මෙය) සඟහට ප්‍රාප්තකාල කර්‍මයෙක් වේ නම්, සඟ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැත සඳහා මූලායපටිකස්සනාව කරන්නේ ය. මේ ඥප්ති යැ.
සඟ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවන ... හේ මානත පුරනුයේ, අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව සඟහු යදී. සඟ තෙමේ උදායී මහණහට අතරැ අවන් නො පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනා කෙරෙයි උදායී මහණහට ... මූලායපටිකස්සනාව යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වන්නේ ය. යමක් හට නො රිසියේ නම්, හේ කියන්නේ ය.
දෙවනුදු මෙ කරුණ කියමි. තෙවනුදු මෙ කරුණ කියමි ...
සඟහු විසින් උදායී මහණ තෙම අතරැ අවන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැත සඳහා මූලායපටිකස්සනායෙන් පිළිකස්නා ලද සඟහට කැමෙයි. එහෙයින් නිහඬ යැ. මෙසේ මෙය දරම්” යනු යි.
4. මහණෙනි, මානත ද මෙසේ දියැ යුතු: මහණෙනි, ඒ උදායී මහණ විසින් සඟහු කරා එළැඹ ... මෙසේ කියැ යුතු: “වහන්ස, මම් එක් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවනිමි ... ඒ මා සඟ තෙමේ මුලට පිළිකැසී. ඒ මම් පිරිවුසු පිරිවෙස් ඇතියෙම්, මානතට සුදුසුයෙම්, අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවනිමි ... සඟ තෙමේ ඒ මා ... මුලට පිළිකැසී ... වහන්ස, ඒ මම් පිරිවුසු පිරිවෙස් ඇතියෙම්, තුන් ඇවැතුන් සඳහා සරැයක් පිරිය යුතු මානත සඟහු යැදීමි. ඒ මට සඟ තෙමේ තුන් ඇවැත්නට සරැයක් පිරියයුතු මානත දුන. ඒ මම් මානත පුරනුයෙම්, අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවනිමි. වහන්ස, ඒ මම් අතරැ අවන් එක් නොපිළිසන් සඤ්චේතනික සුක්විසැටි ඇවැතට සරැයක් පිරිය යුතු මානත යදිමි” යි.