11. අබ්භානාරහමූලායපටිකස්සනාව
1. හේ පිරූ මානත ඇත්තේ අබ්භානයට සුදුසු වූයේ, ඒ අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ භික්‍ෂූනට “ඇවැත්නි, මම එක් පඤ්චාහප්‍රතිච්ඡන්න සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් පිරූ මානත ඇතියෙම්, අබ්භානයට සුදුසු වූයෙම්, ඒ අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. මා විසින් කෙසේ නම් පිළිපැදියැ යුතුදැ” යි සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
2. (භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:) “මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නො පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට, ෂාඩ්රාත්‍රික මානත දේවා. මහණෙනි, මෙසේ මූලායපටිකස්සනාව කළ යුතු ... මහණෙනි, මෙසේ ෂාඩ්රාත්‍රික මානත දිය යුතු ... සඞ්ඝයා විසින් උදායී මහණහට අතරැ අවන් එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂාඩ්රාත්‍රික මානත දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යි.
අබ්භානාරහමූලායපටිකස්සනාව නිමි.
12. මූලායපටිකස්සිත අබ්භානය
1. හේ පිරුමානත ඇත්තේ භික්‍ෂූනට “ඇවැත්නි, මම් පඤ්චාහප්‍රතිච්ඡන්න, එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් පිරූ මානත ඇතියෙම් වෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ” යි මෙය කී ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
(භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:) මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ උදායී මහණ අබ්භාන කෙරේවා. මහණෙනි, මෙසේ අබ්භාන කළ යුතු: මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ ... මෙසේ කියැ යුතු:
“වහන්ස, මම් පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම පඤ්චාහප්‍රතිච්ඡන්න වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසන්නෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම අතරැ අවන් නොපිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට සුදුසු වූයෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම අතරැ අවන් එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, සඞ්ඝයාගෙන් තුන් ඇවැත්නට ෂාඩ්රාත්‍රික මානත ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම තුන් ඇවැත්නට ෂාඩ්රාත්‍රික මානත දුන්නේ ය. ඒ මම් මානත පුරන්නෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂාඩ්රාත්‍රික මානත ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂාඩ්රාත්‍රික මානත දුන්නේ ය. ඒ මම් පිරූ මානත ඇත්තෙම්, අබ්භානයට සුදුසු වූයෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂාඩ්රාත්‍රික මානත ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළියන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂාඩ්රාත්‍රික මානත දුන්නේ ය. වහන්ස, ඒ මම් පිරූ මානත ඇතියෙම්, සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලමි” යනු යි. දෙවනු ද ඉල්ලිය යුතු. තෙවනු ද ඉල්ලිය යුතු.