12. මූලායපටිකස්සිත අබ්භානය
1. හේ පිරුමානත ඇත්තේ භික්ෂූනට “ඇවැත්නි, මම් පඤ්චාහප්රතිච්ඡන්න, එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් පිරූ මානත ඇතියෙම් වෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ” යි මෙය කී ය. භාග්යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
(භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:) මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ උදායී මහණ අබ්භාන කෙරේවා. මහණෙනි, මෙසේ අබ්භාන කළ යුතු: මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ ... මෙසේ කියැ යුතු:
“වහන්ස, මම් පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම පඤ්චාහප්රතිච්ඡන්න වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසන්නෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම අතරැ අවන් නොපිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට සුදුසු වූයෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම අතරැ අවන් එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, සඞ්ඝයාගෙන් තුන් ඇවැත්නට ෂාඩ්රාත්රික මානත ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම තුන් ඇවැත්නට ෂාඩ්රාත්රික මානත දුන්නේ ය. ඒ මම් මානත පුරන්නෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂාඩ්රාත්රික මානත ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂාඩ්රාත්රික මානත දුන්නේ ය. ඒ මම් පිරූ මානත ඇත්තෙම්, අබ්භානයට සුදුසු වූයෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂාඩ්රාත්රික මානත ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළියන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂාඩ්රාත්රික මානත දුන්නේ ය. වහන්ස, ඒ මම් පිරූ මානත ඇතියෙම්, සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලමි” යනු යි. දෙවනු ද ඉල්ලිය යුතු. තෙවනු ද ඉල්ලිය යුතු.