13. පක්ඛපටිච්ඡන්න පිරිවෙස
1. එ සමයෙහි වනාහි ආයුෂ්මත් උදායී තෙම පක්ෂයක් පිළිසන් වූ සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. “ඇවැත්නි, මම් පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි, මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි හේ භික්ෂූනට කි ය. ඔහු භාග්යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට පක්ෂප්රතිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පිරිවෙස දේවා. එය මෙසේ දිය යුතු: ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ ... “වහන්ස, මම් පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් පක්ෂප්රතිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්ෂපරිවාසය සඞ්ඝයා යදිමි”යි මෙසේ යැද්ද යුතු. දෙවනු ද යැද්ද යුතු. තෙවනු ද යැද්ද යුතු.
2. ව්යක්ත ප්රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම පක්ෂයක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්ෂපරිවාසය සඞ්ඝයා යදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇති කර්මයෙක් වේ නම්, සඞ්ඝ තෙම උදායී භික්ෂූහට පක්ෂයක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්ෂපරිවාසය දෙන්නේ ය. මේ ඥප්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ උදායී භික්ෂු තෙම පක්ෂයක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙතෙම සඞ්ඝයාගෙන් පක්ෂප්රතිච්ඡන්න වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්ෂපරිවාසය සඞ්ඝයා යදී. සඞ්ඝ තෙම උදායී මහණහට පක්ෂප්රතිච්ඡන්න වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්ෂපරිවාසය දෙයි. උදායී භික්ෂූහට පක්ෂප්රතිච්ඡන්නවූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්ෂපරිවාසය දීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම් හේ කියාවා.
දෙවනු ද මේ කරුණ කියම් ... තෙවනු ද මෙ කරුණ කියම් ... සඞ්ඝයා විසින් උදායී මහණහට පක්ෂප්රතිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්ෂපරිවාසය දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එයින් නිහඬ ය. මෙසේ මෙය දරමි (පිළිගනිමි).
පක්ඛපටිච්ඡන්නපරිවාසය යි.
14. පක්ඛපාරිවාසිකමූලායපටිකස්සනාව
1. හෙ තෙම පිරිවෙස වසන්නේ ඒ අතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙතෙම භික්ෂූනට “ඇවැත්නි, මම් පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්ෂපරිවාසය සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පක්ෂයක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්ෂපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසන්නෙම්, ඒ අතරැ පස් දිනක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි කීයේ ය.
2. ඔහු භාග්යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළහ. මහණෙනි, එසේ වී නම්, සඞ්ඝ තෙමේ උදායී මහණ හට අතරැ පස් දිනක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට (ඇවැත මුලට නඟා) පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දේවා. මහණෙනි, මූලායපටිකස්සනාව මෙසේ කළ යුතු: ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ ... මෙසේ කියැ යුතු වන්නේ ය: “වහන්ස, මම පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්ෂපරිවාසය සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්ෂපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසනුයෙම්, ඒ අතුරෙහි පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් ඒ අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයා යදිමි” යනු යි. දෙවනු ද යැද්ද යුතු. තෙවනු ද යැද්ද යුතු. ව්යක්ත වූ ප්රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු: