14. පක්ඛපාරිවාසිකමූලායපටිකස්සනාව
1. හෙ තෙම පිරිවෙස වසන්නේ ඒ අතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙතෙම භික්‍ෂූනට “ඇවැත්නි, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පක්‍ෂයක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසන්නෙම්, ඒ අතරැ පස් දිනක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි කීයේ ය.
2. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. මහණෙනි, එසේ වී නම්, සඞ්ඝ තෙමේ උදායී මහණ හට අතරැ පස් දිනක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට (ඇවැත මුලට නඟා) පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දේවා. මහණෙනි, මූලායපටිකස්සනාව මෙසේ කළ යුතු: ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ ... මෙසේ කියැ යුතු වන්නේ ය: “වහන්ස, මම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසනුයෙම්, ඒ අතුරෙහි පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් ඒ අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයා යදිමි” යනු යි. දෙවනු ද යැද්ද යුතු. තෙවනු ද යැද්ද යුතු. ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
3. “වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයා (ගෙන්) පක්‍ෂ පිරිවෙස ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂ පිරිවෙස දුන්නේ ය. හේ පිරිවෙස වසන්නේ, ඒ අතුරෙහි පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ අතරෙහි අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයා යදී. ඉදින් සඞ්ඝයාට මේ කර්‍මය ප්‍රාප්තකාල වී නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කරන්නේ ය. මේ ඥප්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යැදී ය. සඞ්ඝ තෙම උදායී මහණහට පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දුන්නේ ය. හේ පිරිවෙස වසන්නේ ඒ අතුරෙහි පස් දිනක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයා යදී. සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලාය පටිකස්සනාව කෙරෙයි. උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ ද, හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ ද, හේ කියාවා.
දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ...
පස් දිනක් පිළිසන්, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට උදායී මහණ තෙමේ මූලායපටිකස්සනායෙන් පටිකස්සිත විය (මූලායපටිකස්සනාව කරණු ලැබී ය.) සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ සලකමි” යනු යි.
පක්ඛපාරිවාසිකමූලායපටිකස්සනාව නිමියේ ය.
15. සමෝධාන පිරිවෙස
1. “මහණෙනි, පළමු ඇවැතට සමෝධාන පරිවාසය ද මෙසේ දිය යුතු: මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ ... මෙසේ කියැ යුතු. “වහන්ස, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය යැදීමි. -