15. සමෝධාන පිරිවෙස
1. “මහණෙනි, පළමු ඇවැතට සමෝධාන පරිවාසය ද මෙසේ දිය යුතු: මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ ... මෙසේ කියැ යුතු. “වහන්ස, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය යැදීමි. -
වහන්ස, සඞ්ඝ තෙමේ ඒ මට පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසනුයෙම්, ඒ අතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම සඞ්ඝයාගෙන් අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. වහන්ස, ඒ මම් අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යදිමි” යනු යි. දෙවනු ද යැදිය යුතු ... තෙවනු ද යැදිය යුතු.
2. ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැ යුතු:
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යැදී. සඞ්ඝ තෙම උදායී මහණහට පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂ පිරිවෙස දුන්නේ ය. හේ පිරිවෙස වසන්නේ, ඒ අතුරෙහි පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙතෙම පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයා ගෙන් මූලායපටිකස්සනාව යැදී ය. සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් වූ, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව මේ කළේ ය. හේ සඞ්ඝයාගෙන් අතරැ අවන් පස් දිනක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට (පළමු ඇවැත පටන් කොට) සමෝධාන පිරිවෙස යදි. ඉඳින් සඞ්ඝයාට පැමිණි කල් ඇති කර්‍මයෙක් වේ නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් වූ, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දෙන්නේ ය. මේ ඥප්තිය යි.
3. වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ උදායී මහණ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් පක්‍ෂ පිරිවෙස යැදී ය. සඞ්ඝ තෙම උදායී මහණහට පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂ පිරිවෙස දුන්නේ ය. හේ පිරිවෙස වසනුයේ, පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට ඒ අතරැ පැමිණියේ ය. හේ සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැද්දේ ය. සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. හේ සඞ්ඝයාගෙන් අතරැ අවන් පස් දිනක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පළමු ඇවත පටන් කොට සමෝධාන පිරිවෙස ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දෙයි. උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට පිරිවෙස දීම යම් ආයුෂ්මතක් හට රිසියේ නම් හේ නිහඬ වන්නේ ය. යමකුට නො රිසියේ නම්, හේ කියන්නේ ය.
දෙවනු ද මේ කරුණ කියමි ... තෙවනු ද මේ කරුණ කියමි ...