6. පඤ්චාහපටිච්ඡන්න පිරිවෙස
1. එසමයෙහි ආයුෂ්මත් උදායී තෙම දෙදවසක් පිළිසන් ... තුන් දවසක් පිළිසන් ... සතර දවසක් පිළිසන් ... එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ වෙයි ... එ සමයෙහි ආයුෂ්මත් උදායී තෙම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ වෙයි. හේ භික්ෂුනට “ඇවැත්නි, පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ” යි සැළ කෙළේ ය. ඔහු භාග්යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
2. (භාග්යවතුන් වහන්සේ වදාළ සේක:) මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දේවා. මහණෙනි, එය ද මෙසේ දිය යුතු: ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට වැඩි මහලු මහණුන් පා වැඳ, උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා “වහන්ස, මම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස ඉල්ලමි” යි මෙසේ කිය යුතු වන්නේ ය. දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු ... ව්යක්ත ප්රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු:
3. “වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස්දිනක් වසන පිරිවෙස ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ වී නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දේවා. මේ ඥප්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දෙයි. උදායී මහණහට පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමකුහට නො රිසියේ නම්, හේ කියාවා.
දෙවනුවද මේ කරුණ කියමි ... තෙවනු ව ද මෙ කරුණ කියමි ...
සඞ්ඝයා විසින් උදායී මහණහට පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දෙන ලදි. සංඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි.
පඤ්චාහපටිච්ඡන්න පිරිවෙස නිමියේ ය.
7. පාරිවාසිකමූලායපටිකස්සනාව
1. හෙ තෙම පිරිවෙස් වසනුයේ ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම භික්ෂූනට “ඇවැත්නි, මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසන්නෙම් ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ” යි සැළ කෙළේ ය. භාග්යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
2. මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට (පිළියම් පිණිස) මූලායපටිකස්සනාව කෙරේවා. මහණෙනි, මෙසේ මූලායපටිකස්සනාව කළ යුතු: ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ මෙසේ කිය යුතු වන්නේ ය: “වහන්ස, මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දුන්නේ ය. ඒ මම පිරිවෙස් වසන්නෙම් ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් සඞ්ඝයාගෙන් ඒ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට (පිළියම් පිණිස) මූලායපටිකස්සනාව (මුල් ඇවැතට පෙරළා ඇදීම) ඉල්ලමි” යි දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු ... ව්යක්ත ප්රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු:
3. “වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා: මේ උදායී මහණ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පඤ්චාහපටිච්ඡන්න වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය දුන්නේ ය. හේ පිරිවෙස වසනුයේ ඒ අතර නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම ඒ අතරැ අවන් ඒ නොපිළියන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට (පිළියම් පිණිස) සඞ්ඝයාගෙන් මූලායපටිකස්සනාය ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට ප්රාප්ත කාල නම්, සඞ්ඝ තෙම උදායී මහණහට අතරැ අවන් එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කරන්නේ ය, මේ ඥප්තිය යි.