7. පාරිවාසිකමූලායපටිකස්සනාව
1. හෙ තෙම පිරිවෙස් වසනුයේ ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම භික්‍ෂූනට “ඇවැත්නි, මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසන්නෙම් ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ” යි සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
2. මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට (පිළියම් පිණිස) මූලායපටිකස්සනාව කෙරේවා. මහණෙනි, මෙසේ මූලායපටිකස්සනාව කළ යුතු: ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ මෙසේ කිය යුතු වන්නේ ය: “වහන්ස, මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දුන්නේ ය. ඒ මම පිරිවෙස් වසන්නෙම් ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් සඞ්ඝයාගෙන් ඒ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට (පිළියම් පිණිස) මූලායපටිකස්සනාව (මුල් ඇවැතට පෙරළා ඇදීම) ඉල්ලමි” යි දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු ... ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු:
3. “වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා: මේ උදායී මහණ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පඤ්චාහපටිච්ඡන්න වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය දුන්නේ ය. හේ පිරිවෙස වසනුයේ ඒ අතර නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම ඒ අතරැ අවන් ඒ නොපිළියන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට (පිළියම් පිණිස) සඞ්ඝයාගෙන් මූලායපටිකස්සනාය ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට ප්‍රාප්ත කාල නම්, සඞ්ඝ තෙම උදායී මහණහට අතරැ අවන් එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කරන්නේ ය, මේ ඥප්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා: මේ උදායී මහණ පඤ්චාහපටිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් පඤ්චාහපටිච්ඡන්න වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පඤ්චාහපරිවාසය ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පඤ්චාහපටිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය දුන්නේ ය. හේ පිරිවෙස් වසන්නේ ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් ඒ සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සානාව (මුල් ඇවැතට ඇදීම) ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙරේ. උදායී මහණහට අතරැ අවන් එක් අපටිච්ඡන්න සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යම් ආයුෂ්මතක්හට රිසියේ නම් හෙ තෙම නිහඬ වේවා. යමකුට නො රිසියේ නම් හේ කියාවා.
දෙවනු ද මේ කරුණ කියමි ... තෙවනු ද මේ කරුණ කියමි ...
සඞ්ඝයා විසින් උදායී මහණ තෙම අතරැ පැමිණි නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කරණ ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ වෙයි. මෙසේ මෙ කරුණ සලකමි” යි
පාරිවාසිකමූලායපටිකස්සනාව නිමි.
8. මානත්තාරහමූලායපටිකස්සනාව
1. හේ වුසූ පිරිවෙස් ඇත්තේ, මානතට සුදුසු වූයේ, ඒ අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම මහණුනට “ඇවැත්නි, මම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පඤ්චාහපරිවාසය ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස වසන්නෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලීමි. සඞ්ඝ තෙමේ ඒ මට නොපිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට සුදුසු වූයෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ” යි සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ. (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක:)
2. මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට උදායී මහණහට මූලායපටිකස්සනාව කෙරේවා.-