5. ඒකාහපටිච්ඡන්න අබ්භානය
1. හෙ තෙම පිරූ මානත ඇත්තේ, “ඇවැත්නි, මම් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් එක් දවසක් විසිය යුතු පිරිවෙස ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, සඞ්ඝයාගෙන් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. ඒ මම් පිරූ මානත ඇතියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැයි භික්‍ෂූනට කීය. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළකළහ.
2. (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක:) “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණ අබ්භාන කෙරේවා. මහණෙනි, මෙසේ අබ්භාන කට යුතු:
ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට වැඩිමහලු මහණුන් පා වැඳ උත්කුටුක වැ හිඳ දොහොත් මුදුනැ තබා මෙසේ කිය යුතු: “වහන්ස, මම් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් එක් දවසක් පිළියන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, සඞ්ඝයාගෙන් ඒ එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. වහන්ස, ඒ මම පිරූ මානත ඇතියෙම්, සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලම්” කියා යි. දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු ...
3. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු:
“සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ සඞ්ඝයාගෙන් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස ඉල්ලී ය. සඞ්ඝ තෙම් උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස ඇත්තේ, සඞ්ඝයාගෙන් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරුයක් පිරිය යුතු මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇත්තේ, සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට ප්‍රාප්ත කාල වේ නම්, සඞ්ඝ තෙමේ උදායී මහණ අබ්භාන කෙරේවා. මේ ඥප්තිය යි.
සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස් ඇත්තේ, එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇත්තේ සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලයි. සඞ්ඝ තෙම උදායී මහණ අබ්භානය කෙරෙයි. උදායී මහණහුගේ අබ්භානය යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම්, හේ කියාවා.
දෙවනු ද මේ කරුණ කියමි ... තෙවනු ද මේ කරුණ කියමි ...
සඞ්ඝයා විසින් උදායී මහණ අබ්භිත වෙයි. එය සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යි.
ඒකාහපටිච්ඡන්න අබ්භානය නිමියේ ය.