4. ඒකාහපටිච්ඡන්න මානත
1. හෙ තෙම වුසූ පිරිවෙස් ඇත්තේ, “ඇවැත්නි, මම් එක් දවසක් පිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම් වෙමි. මා විසින් කෙසේ නම් පිළිපැදිය යුතු දැ? යි භික්ෂූනට කී ය. ඔහු භාග්යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
2. මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට එක් දවසක් පිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දේවා. මහණෙනි, එය මෙසේ දිය යුතු:
ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට, මහලු මහණුන් පා වැඳ උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් දී “වහන්ස, මම් එක් දවසක් පිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. වහන්ස, ඒ මම වුසූ පිරිවෙස ඇතියෙම්, එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලමි” යි මෙසේ කිය යුතු වන්නේ ය. දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු ...
3. ව්යක්ත වූ ප්රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
“සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස් ඇත්තේ, එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් සරැයක් පිරිය යුතු මානත ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දේවා. මේ ඥප්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමෙ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙතම සඞ්ඝයාගෙන් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස් ඇත්තේ, එක් දවසක් පිළිසන් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දෙයි. උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දීම යම් ආයුෂ්මතක් හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමකුහට නො රිසියේ නම්, හේ කියාවා.
දෙවනු ද මේ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ...
සඞ්ඝයා විසින් උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයා විසින් දෙන ලදී. එය සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යනු යි.
ඒකාහපටිච්ඡන්න මානත නිමියේ ය.
5. ඒකාහපටිච්ඡන්න අබ්භානය
1. හෙ තෙම පිරූ මානත ඇත්තේ, “ඇවැත්නි, මම් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් එක් දවසක් විසිය යුතු පිරිවෙස ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, සඞ්ඝයාගෙන් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. ඒ මම් පිරූ මානත ඇතියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැයි භික්ෂූනට කීය. භාග්යවතුන් වහන්සේට මෙකරුණ සැළකළහ.