17. තිකාපත්තික මානත
1. හේ වුසූ පිරිවෙස් ඇතියේ, භික්ෂූනට “ඇවැත්නි, මම පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පක්ෂයක් පිළිසන් ... එක් ඇවැතට පක්ෂ පිරිවෙස ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ ... පක්ෂ පිරිවෙස දුන. ඒ මම් පිරිවෙස් වසනුයෙම් ඒ අතරැ පස් දිනක් පිළිසන් ... එක් ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් අතරැ අවන් ... එක් ඇවැතට ... මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් අතරැ අවන් ... එක් ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට සුදුසු වූයෙම්, ඒ අතරැ පස් දිනක් පිළිසන් ... එක් ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් අතරැ අවන් පස් දිනක් පිළිසන් ... එක් ඇවැතට සඞ්ඝයාගෙන් පළමු ඇවැත හා එක් කොට සමෝධාන පිරිවෙස ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් පස් දිනක් පිළිසන් ... ඇවැතට ... සමෝධාන පිරිවෙස දුන. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙමි. මා විසින් කෙසේ නම් පිළිපැදිය යුතු දැ?” යි කීයේ ය. ඔහු භාග්යවතුන් වහන්සේට එ පවත් දැන්වූහ.
(භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:) “මහණෙනි, එසේ වී නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට සරැයෙක මානත දේවා. මහණෙනි, එය මෙසේ දිය යුතු: මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ මෙය කිය යුතු: “වහන්ස, මම් පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... වහන්ස, ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, තුන් ඇවැත්නට සඞ්ඝයා ගෙන් සරැයක මානත යදිමි” යනු යි. දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු.
2. ව්යක්ත ප්රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ (මෙසේ) දැන්වියැ යුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය ... හේ වුසූ පිරිවෙස ඇතියේ තුන් ඇවැත්නට සඞ්ඝයා ගෙන් සරැයක මානත යදී. ඉදින් සඞ්ඝයාට මේ කර්මය ප්රාප්තකාල වේ නම්, සඞ්ඝ තෙම උදායී මහණහට තුන් ඇවැත්නට සරැයක මානත දෙන්නේ ය. මේ ඥප්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම පක්ෂයක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ වුසූ පිරිවෙස් ඇතියේ, තුන් ඇවැත්නට සඞ්ඝයාගෙන් සරැයක මානත යදී. සඞ්ඝ තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට සරැයක මානත දෙයි. උදායී මහණහට තුන් ඇවැත්නට සරැයක මානත දීම යම් ආයුෂ්මතක් හට රිසියේ නම් හේ නිහඬ වේවා. යමක් හට නො රිසියේ නම් හේ කියාවා. දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ...
සඞ්ඝයා විසින් උදායී මහණහට තුන් ඇවැත්නට සරැයක මානත දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි” යනු යි.
තිකාපත්තික මානත නිමියේ ය.
18. මානත්තචාරිකමූලායපටිකස්සනාදිය
1. හෙ තෙම මානත පුරණුයේ, ඒ අතරැ පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ මහණුනට “ඇවැත්නි, මම පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් මානත පූරණයෙම් අතරෙහි පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැද්ද යුතු දැ?” යි කීයේ ය. ඒ මහණහු මේ පවත් භාගසවතුන් වහන්සේට සැළ කළහ. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) මහණෙනි, එසේ වී නම්, සඞ්ඝ තෙන්ම උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට, පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දී, සරැයක මානත දේවා.
2. මහණෙනි, මෙසේත් මූලායපටිකස්සනාව කළ යුතු ... මහණෙනි, මෙසේත් පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දියැ යුතු ... මහණෙනි, මෙසේත් සරැයක මානත දියැ යුතු ... සඞ්ඝ තෙමේ උදායී මහණහට සරැයෙක මානත දෙයි ...
සඞ්ඝයා විසින් උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක මානත දෙන ලදි. සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි යනු යි.
මානත්තචාරික මූලායපටිකස්සනාදීහු නිමියහ.
19. අබ්භානාරහමූලායපටිකස්සනාදිය
1. හේ පිරූ මානත ඇතියේ, අබ්භානයට යෝග්ය වැ සිටියේ, පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම භික්ෂූනට “ඇවැත්නි, මම් පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් පිරූ මානත ඇතියෙම්, අබ්භානයට යෝග්ය වූයෙම්, ඒ අතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැද්ද යුතු දැ?” යි සැළ කෙළේ ය. ඔහු භාග්යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) “එසේ නම් මහණෙනි, සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන්, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දී සරැයක මානත දේවා. මහණෙනි, මෙසේ ම මූලායපටිකස්සනාව කළ යුතු ... මහණෙනි, මෙසේ ම පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දිය යුතු ... මහණෙනි, මෙසේ ම සරැයක මානත දිය යුතු ... සඞ්ඝ තෙමේ උදායී මහණට සරැයක මානත දෙයි ...
සඞ්ඝයා විසින් උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් මානත දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යනු යි.
අබ්භානාරහ මූලායපටිකස්සනාදීහු නිමියහ.