18. මානත්තචාරිකමූලායපටිකස්සනාදිය
1. හෙ තෙම මානත පුරණුයේ, ඒ අතරැ පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ මහණුනට “ඇවැත්නි, මම පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් මානත පූරණයෙම් අතරෙහි පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැද්ද යුතු දැ?” යි කීයේ ය. ඒ මහණහු මේ පවත් භාගසවතුන් වහන්සේට සැළ කළහ. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) මහණෙනි, එසේ වී නම්, සඞ්ඝ තෙන්ම උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට, පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දී, සරැයක මානත දේවා.
2. මහණෙනි, මෙසේත් මූලායපටිකස්සනාව කළ යුතු ... මහණෙනි, මෙසේත් පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දියැ යුතු ... මහණෙනි, මෙසේත් සරැයක මානත දියැ යුතු ... සඞ්ඝ තෙමේ උදායී මහණහට සරැයෙක මානත දෙයි ...
සඞ්ඝයා විසින් උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක මානත දෙන ලදි. සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි යනු යි.
මානත්තචාරික මූලායපටිකස්සනාදීහු නිමියහ.
19. අබ්භානාරහමූලායපටිකස්සනාදිය
1. හේ පිරූ මානත ඇතියේ, අබ්භානයට යෝග්ය වැ සිටියේ, පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම භික්ෂූනට “ඇවැත්නි, මම් පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් පිරූ මානත ඇතියෙම්, අබ්භානයට යෝග්ය වූයෙම්, ඒ අතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැද්ද යුතු දැ?” යි සැළ කෙළේ ය. ඔහු භාග්යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) “එසේ නම් මහණෙනි, සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන්, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දී සරැයක මානත දේවා. මහණෙනි, මෙසේ ම මූලායපටිකස්සනාව කළ යුතු ... මහණෙනි, මෙසේ ම පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දිය යුතු ... මහණෙනි, මෙසේ ම සරැයක මානත දිය යුතු ... සඞ්ඝ තෙමේ උදායී මහණට සරැයක මානත දෙයි ...
සඞ්ඝයා විසින් උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් මානත දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යනු යි.
අබ්භානාරහ මූලායපටිකස්සනාදීහු නිමියහ.
20. පක්ඛපටිච්ඡන්න අබ්භානය
1. හෙ තෙමේ පිරූ මානත ඇතියේ, මහණුනට “ඇවැත්නි, මම් පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම පිරූ මානත ඇතියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ?” යි සැළ කෙළේ ය. ඔහු භාග්යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) “මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට අබ්භානය කෙරේවා.
2. මහණෙනි, මෙසේ අබ්භානය කටයුතු ය: “මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට වැඩි මහලු භික්ෂූන්ගේ පා වැඳ උත්කුටුකව හිඳ, දොහොත් මුදුන් තබා, මෙසේ කිය යුතු වන්නේ ය: “වහන්ස, මම් පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පක්ෂපරිවාසය යැදීමි. ඒ මට සඞ්ඝ තෙම පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්ෂපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස වසන්නෙම්, එයතුරෙහි පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙම් ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට මූලායපටිකස්සනාව යැදීමි. ඒ මට සඞ්ඝයා පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැදීමි. ඒ මට සඞ්ඝ තෙම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට යෝග්ය වැ සිටියෙම් එයතරැ පස් දිනක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. ඒ මම් වුසූ පිරිවෙස ඇතියෙම්, සඞ්ඝයා (ගෙන්) තුන් ඇවැත්නට සරැයක මානත යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ තුන් ඇවැත්නට සරැයක මානත දුන්නේ ය. ඒ මම මානත පුරණුයෙම්, අතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් අතරැ අවන් පස් දිනක් පිළිසන් ඒ සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයා (ගෙන්) මූලායපටිකස්සනාව යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් පස් දිනක් පිළිසන් ඒ සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය.