8. 1. 1.
රහෝගත සූත්රය
3611. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙති. එකල්හි රහෝගතව එකලාව සිටි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට මෙබඳු චිත්තවිතර්කයෙක් පහළ විය: “යම් කෙනකුන් විසින්, සිවු සීවටන් වරදවන ලද ද, මැනවින් දුක් ගෙවීමට පමුණුවන අරිමග ඔවුන් විසින් වරදවන ලදී. යම් කෙනකුන් විසින්, සිවු සීවටන් අරඹන ලද ද මැනවින් දුක් ගෙවීමට පමුණුවන අරිමග ඔවුන් විසින් අරඹන ලදී”යි.
එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ චිත්තවිතර්කයෙක් සිය සිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේ හෝ දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් ඉදිරියෙහි පහළවූහ. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට මෙය වදාළහ: “ඇවැත්නි අනුරුද්ධයෙනි, කෙතෙකින් මහණහුගේ සිවු සීවටන් පිරිපුන් වේ දැ”යි. ඇවැත්නි, මෙසසුන්හි මහණ සිය කයෙහිත් හටගැනුම් ස්වභාව අනුව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇතිව මනාදැනුම් ඇතිව සිහි ඇති ව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. සිය කයෙහි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සිය කයෙහි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මෙරමා කයෙහි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා කයෙහි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා කයෙහි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. තමාගේ හා මෙරමාගේ කයෙහි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. තමාගේ හා මෙරමාගේ කයෙහි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. තමාගේ හා මෙරමාගේ කයෙහි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
ඉදින් හේ නොපිළිකුල් අරමුණෙහි පිළිකුල් හැඟීම් ඇති ව වසන්නෙමි යි කැමති වේ නම් එහි පිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් පිළිකුල් අරමුණෙහි නොපිළිකුල් හැඟීම් ඇති ව වසන්නෙමි යි කැමති වේ නම් එහි නොපිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් නොපිළිකුලෙහි ද පිළිකුලෙහි ද පිළිකුල් හැඟීම් ඇති ව වසන්නෙමි යි කැමති වේ නම් එහි පිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් පිළිකුලෙහි ද නොපිළිකුලෙහි ද නොපිළිකුල් හැඟීම් ඇති ව වසන්නෙමි යි කැමති වේ නම් එහි නොපිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් පිළිකුලත් නොපිළිකුලත් යන දෙක දුරු කොට මැදහත් ව සිහි ඇතිව මනාදැනුම් ඇති ව වසන්නෙමි යි කැමති වේ නම් එහි මැදහත් ව සිහි ඇති ව මනාදැනුම් ඇති ව වෙසේ.
සිය විඳුම්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලුව … වෙසේ. සිය විඳුම්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සිය විඳුම්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා විඳුම්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා විඳුම්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා විඳුම්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියමෙරමා විඳුම්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියමෙරමා විඳුම්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සිය මෙරමා විඳුම්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව විඳුම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඉදින් හෙතෙමේ ... කැමති වේ නම් එහි මැදහත් ව සිහි ඇති ව මනාදැනුම් ඇති ව වෙසේ.
සියසිත්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලුව … වෙසේ. සිය සිත්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියසිත්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා සිත්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා සිත්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා සිත්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියමෙරමා සිත්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියමෙරමා සිත්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සිය මෙරමා සිත්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව සිත් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. හේ ඉදින් ... කැමති වේ නම් එහි මැදහත් ව සිහි ඇති ව මනාදැනුම් ඇති ව වෙසේ.