7. 8. 160.
උද්ධම්භාගිය සූත්රය
3610. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි, කවර පසෙක්ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් ප්රහාණය පිණිස සිවු ඉදුපා වැඩියයුතු. කවර සිවු ඉදුපාද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහනු පිණිස මේ සිවු ඉදුපා වැඩියයුතු යි.
අටවැනි ඕඝවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි ෂෝඩශක දශයෙකි. සුතුරු එක්සියසැටෙකි.
ඉද්ධිපාදසංයුත්තය නිමියේය.
එහි වර්ගනාමාවලිය:
චාපාල, පාසාදකම්පන, අයොගුළ යන මොහු ගඞ්ගාපෙය්යාල ආදි පස සමග ඉද්ධිපාද සංයුත්තයෙහි වර්ග අටෙක් වේ.
8. අනුරුද්ධ සංයුත්තය
1. රහෝගත වර්ගය
8. 1. 1.
රහෝගත සූත්රය
3611. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙති. එකල්හි රහෝගතව එකලාව සිටි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට මෙබඳු චිත්තවිතර්කයෙක් පහළ විය: “යම් කෙනකුන් විසින්, සිවු සීවටන් වරදවන ලද ද, මැනවින් දුක් ගෙවීමට පමුණුවන අරිමග ඔවුන් විසින් වරදවන ලදී. යම් කෙනකුන් විසින්, සිවු සීවටන් අරඹන ලද ද මැනවින් දුක් ගෙවීමට පමුණුවන අරිමග ඔවුන් විසින් අරඹන ලදී”යි.
එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ චිත්තවිතර්කයෙක් සිය සිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේ හෝ දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් ඉදිරියෙහි පහළවූහ. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට මෙය වදාළහ: “ඇවැත්නි අනුරුද්ධයෙනි, කෙතෙකින් මහණහුගේ සිවු සීවටන් පිරිපුන් වේ දැ”යි. ඇවැත්නි, මෙසසුන්හි මහණ සිය කයෙහිත් හටගැනුම් ස්වභාව අනුව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇතිව මනාදැනුම් ඇතිව සිහි ඇති ව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. සිය කයෙහි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සිය කයෙහි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මෙරමා කයෙහි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා කයෙහි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා කයෙහි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. තමාගේ හා මෙරමාගේ කයෙහි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. තමාගේ හා මෙරමාගේ කයෙහි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. තමාගේ හා මෙරමාගේ කයෙහි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.