7. 4. 1-48.
පාචීනනින්නාදි සූත්‍ර
3155-3202. මහණෙනි, යම්සේ ගඞ්ගා නදී තොමෝ පැදුන්දිගට නැමුණි පැදුන්දිගට නැඹුරු වූවා පැදුන්දිගට බර වූවා වේ ද ... නිවනට බර වූයේ වේ යි.
(ඉද්ධිපාද විසින් විතර කටයුතු)
සිවුවැනි ගඞ්ගාපෙය්‍යාලවර්‍ග යි.
එහි සූත්‍රනාමමාලාව:
පාචීනනින්නචතුෂ්ක සයෙකි. සමුද්දනින්න චතුෂ්ක ද සයෙකි. මේ ෂට්කදෙක දොළසෙක් වේ. එයින් වර්‍ග යි කියනු ලැබේ. සූත්‍ර මුළුල්ල අටසාළිසෙකි.
5. අප්පමාද වර්‍ගය
7. 5. 1-40.
තථාගතාදි සූත්‍ර
3203-3242. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිවුපා වූ ද බහුපා වූ ද යම් තාක් සත්‍වයෝ වෙත් ද ... බහුල කෙරේ යි.
පස්වැනි අප්පමාදවර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සුරිය, වත්‍ථ යි චතුෂ්කදශයෙකි, සාලිස්සුතුරෙකි.
6. බලකරණීය වර්‍ගය
7. 6. 1-48.
බලාදි සූත්‍ර
3243-3290. මහණෙනි, යම්සේ යම් කිසි බලකරණිය කර්‍මාන්තයෝ කරනු ලැබෙත් ද ... බහුල කෙරෙයි.
සවැනි බලකරණීය වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යි චතුෂ්ක සතෙකි. මේඝචතුෂ්ක දෙකෙකි. නාවා, ආගන්තුක, නදී යි චතුෂ්ක තුනෙකි. මුළුල්ල දොළොසෙකි. සුතුරු අටසාලිසෙකි.
7. ඒසනා වර්‍ගය
7. 7. 1-160.
එසනාදි සූත්‍ර
3291-3450. මහණෙනි, මේ ඒසනා තුනෙකි, කවර තුනෙක් ද යත්: ... වැඩිය යුතුයි.
(විවෙක නිස්සිතාදි විසිනුදු පරිඤ්ඤා අභිඤ්ඤා පරික්ඛය පහාන විසිනුදු එකෙක සොළොස සොළොස කොට එක්සිය සැට සූත්‍රාන්ත කෙනෙක් විතර කටයුතු.)
සත්වැනි ඒසනාවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා යි ෂෝඩශක දශයෙකි. එක්සිය සැටසුතුරෙකි.
8. ඕඝ වර්‍ගය
7. 8. 1-159.
ඕඝාදි සූත්‍ර
3451-3609. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: කාමෝඝ භවොඝ දිට්ඨොඝ අවිජ්ජොඝ යි ... වැඩිය යුතු යි ...
(කී නයින් ම විතර කටයුතු.)
7. 8. 160.
උද්ධම්භාගිය සූත්‍රය
3610. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි, කවර පසෙක්ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් ප්‍රහාණය පිණිස සිවු ඉදුපා වැඩියයුතු. කවර සිවු ඉදුපාද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහනු පිණිස මේ සිවු ඉදුපා වැඩියයුතු යි.
අටවැනි ඕඝවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි ෂෝඩශක දශයෙකි. සුතුරු එක්සියසැටෙකි.
ඉද්ධිපාදසංයුත්තය නිමියේය.
එහි වර්‍ගනාමාවලිය:
චාපාල, පාසාදකම්පන, අයොගුළ යන මොහු ගඞ්ගාපෙය්‍යාල ආදි පස සමග ඉද්ධිපාද සංයුත්තයෙහි වර්‍ග අටෙක් වේ.