7. 3. 12.
තථාගත සූත්රය
3154. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කවර දහම් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙමේ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ මෙබඳු අනුභාව ඇත්තේ දැ යි. වහන්ස, අපගේ දහම් භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙමේ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ මෙබඳු අනුභාව ඇත්තේ ය. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙහි තථාගත තෙමේ ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්දය ඉතා හැකුළුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය ... මෙසේ විවෘත වූ හාත්පසින් නොබැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය
“පෙර යම්සේ නම් පසුත් එබඳු ය. පසු යම්සේ නම් පෙරත් එබඳු ය. යට යම්සේ නම් උඩත් එබඳු ය. උඩ යම්සේ නම් යටත් එබඳු ය. දහවල් යම්සේ නම් රෑත් එබඳු ය. රෑ යම්සේ නම් දහවලුත් එබඳු ය”යි පසු පෙර හැඟීම් ඇත්තේ ද වෙසේ.
මෙසේ විවෘත වූ හාත්පසින් නොබැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙමේ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ මෙබඳු අනුභාව ඇත්තේ ය. මහණෙනි, මේ සිවු ඉදුපා ම වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙමේ නන් වැදෑරුම් ඉදු කොටස් විඳී: එකෙක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක් දු කයින් වසයෙහි පවත්වයි. මහණෙනි, මේ සිවු ඉදුපා ම වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙමේ ආස්රවයන් ක්ෂය කිරීමෙන් අනාස්රව වූ ඵලසමාධියත් ඵලප්රඥාවත් ඉහාත්මයෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
(ෂඩභිඥා විතර කටයුතු.)
තෙවැනි අයෝගුළවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
මග්ග, අයොගුළ, භික්ඛු, සුද්ධක යි සූත්ර සතරෙකි. ඵලසූත්ර දෙකෙකි. ආනන්ද නමින් ද දෙකෙක් කියන ලදී, සම්බහුලභික්ඛු සූත්ර ද දෙකෙකි. එකොළොස්වැන්න මොග්ගල්ලාන ය, දොළොස් වන්න තථාගත ය යි සූත්ර මුළුල්ල දොළොසෙකි.
4. ගඞ්ගාපෙය්යාල වර්ගය
7. 4. 1-48.
පාචීනනින්නාදි සූත්ර
3155-3202. මහණෙනි, යම්සේ ගඞ්ගා නදී තොමෝ පැදුන්දිගට නැමුණි පැදුන්දිගට නැඹුරු වූවා පැදුන්දිගට බර වූවා වේ ද ... නිවනට බර වූයේ වේ යි.
(ඉද්ධිපාද විසින් විතර කටයුතු)
සිවුවැනි ගඞ්ගාපෙය්යාලවර්ග යි.
එහි සූත්රනාමමාලාව:
පාචීනනින්නචතුෂ්ක සයෙකි. සමුද්දනින්න චතුෂ්ක ද සයෙකි. මේ ෂට්කදෙක දොළසෙක් වේ. එයින් වර්ග යි කියනු ලැබේ. සූත්ර මුළුල්ල අටසාළිසෙකි.
5. අප්පමාද වර්ගය
7. 5. 1-40.
තථාගතාදි සූත්ර
3203-3242. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිවුපා වූ ද බහුපා වූ ද යම් තාක් සත්වයෝ වෙත් ද ... බහුල කෙරේ යි.
පස්වැනි අප්පමාදවර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සුරිය, වත්ථ යි චතුෂ්කදශයෙකි, සාලිස්සුතුරෙකි.
6. බලකරණීය වර්ගය
7. 6. 1-48.
බලාදි සූත්ර
3243-3290. මහණෙනි, යම්සේ යම් කිසි බලකරණිය කර්මාන්තයෝ කරනු ලැබෙත් ද ... බහුල කෙරෙයි.
සවැනි බලකරණීය වර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යි චතුෂ්ක සතෙකි. මේඝචතුෂ්ක දෙකෙකි. නාවා, ආගන්තුක, නදී යි චතුෂ්ක තුනෙකි. මුළුල්ල දොළොසෙකි. සුතුරු අටසාලිසෙකි.