7. 1. 3.
අරිය සූත්රය
3125. මහණෙනි, ආර්ය්ය වූ නෛර්ය්යාණික වූ මේ ඍද්ධිපාදයෝ සතරදෙන වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ඒ අනුව පිළිපන්නාහු මැනැවින් දුක් ගෙවීමට පමුණුවත්. කවර සතරදෙනෙක යත්: මහණෙනි, මෙහි මහණ ඡන්දය නිසා පැවැති සමාධියෙන් හා ප්රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්ය්ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, ආර්ය්ය වූ නෛර්ය්යාණික වූ මේ සිවු ඉදුපා වඩන ලද්දේ බහුල කරන ලද්දේ ඒ අනුව පිළිපන්නහු මැනැවින් දුක් ගෙවීමට පමුණුවා යි.
7. 1. 4.
නිබ්බිදා සූත්රය
3126. මහණෙනි, මේ චතුරිද්ධිපාද වඩන ලද්දේ බහුල කරන ලද්දේ ඒකාන්ත නිර්වේදය විරාගය නිරෝධය ව්යුපශමය අභිඥානය සම්බෝධිය නිර්වාණය පිණිස පවතී. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්දය නිසා පැවැති සමාධියෙන් හා ප්රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්ය්ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ සිවු ඉදුපා වඩන ලද්දේ බහුල කරන ලද්දේ ඒකාන්තනිර්වේදය විරාගය නිරෝධය ව්යුපශමය අභිඥානය සම්බෝධිය නිර්වාණය පිණිස පවතී යි.
7. 1. 5.
පදෙස සූත්රය
3127. මහණෙනි, අතීතයෙහි යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදු පෙදෙසක් නිපදවූහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවින් එසේ වූහ. බහුල කළ බැවින් එසේ වූහ. මහණෙනි, මතු කල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදු පෙදෙසක් නිපදවන්නාහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. මහණෙනි, දැන් යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදු පෙදෙසක් නිපදවත් නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්දය නිසා පැවැති සමාධියෙන් හා ප්රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්ය්ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, ඉකුත් කල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදුපෙදෙසක් නිපදවූහු නම් ... නිපදවන්නාහු නම් ... නිපදවත් නම් ඒ සියල්ලෝ මේ සිවු ඉදුපා ම වැඩූ බැවින් බහුල කළ බැවින් එසේ වෙත් යි.
7. 1. 6.
සමත්ත සූත්රය
3128. මහණෙනි, ඉකුත් කල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදුමුළුල්ල නිපදවූහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. මහණෙනි, මතු කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදුමුළුල්ල නිපදවන්නාහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. මහණෙනි, දැන් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදු මුළුල්ල නිපදවත් නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්දය නිසා පැවැති සමාධියෙන් හා ප්රධන්සංස්කාරයෙන් යුත් ඉර්ධිපාදය වඩයි. වීර්ය්ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදුමුළුල්ල නිපදවූහු නම් ... නිපදවන්නාහු නම් ... නිපදවත් නම් ඒ සියල්ලෝ මේ සිවු ඉදුපා ම වැඩූ බැවිනි, බහුල කළ බැවිනි යි.