7. පුනඅප්පමාද වර්‍ගය
6. 7. 1-30.
තථාගතාදි සූත්‍ර
2817-2846. මහණෙනි, අපා වූ ද ... යම්තාක් සත්ත්‍වයෝ වෙත් ද ... බහුල කෙරේ යි.
(කී නයින් තිස් සුතුරෙක් විතර කටයුතු.)
සත්වැනි පුනඅප්පමාදවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සුරිය, වත්‍ථ යි ත්‍රික දශයෙකි. සුතුරු තිසෙකි.
8. පුනබලකරණීය වර්‍ගය
6. 8. 1-36.
බලාදි සූත්‍ර
2847-2882. මහණෙනි, යම්සේ යම් කිසි බලකරණිය කර්‍මාන්තයෝ ... බහුල කෙරේ යි.
(සතිස් සුතුරු කෙනෙක් විතර කටයුත්තාහ.)
අටවැනි පුනබලකරණියවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යි ත්‍රික සතෙක් ද මේඝ ත්‍රික දෙකෙක් ද නාවා ආගන්තුක නදී යි ත්‍රික තුනෙක් දැ යි ත්‍රික දොළොසෙකි. සතිස් සුතුරෙකි යි.
9. පුනඒසනා වර්‍ගය
6. 9. 1-120.
ඒසනාදි සූත්‍ර
2883-3002. මහණෙනි, යම් ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: ... වැඩිය යුතුවහ යි.
(විවේකනිස්සිතාදි විසිනුදු අභිඤ්ඤාදි විසිනුදු එකෙක දොළසක් දොළසක් කොට එක්සියවිසි සුතුරු කෙනෙක් විතර කටයුත්තාහ.)
නවවැනි පුනඒසනාවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා යි ද්වාදශක දශයෙකි. එක්සියවිසි සුතුරෙකි යි.
10. පුනඕඝ වර්‍ගය
6. 10. 1-119.
ඕඝාදි සූත්‍ර
3003-3121. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: ... වැඩියයුත්තාහ යි.
(කී නයින් ම විතර කටයුත්තා හ.)
6. 10. 120.
උද්ධම්භාගිය සූත්‍රය
3122. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහකරනු පිණිස පස්බල වැඩිය යුතු. කවර පසෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට නැමුණක් නිවනට නැඹුරු වූවක් නිවනට බර වූවක් කොට සද්ධාබලය වඩයි. විරියබලය ... සතිබලය ... සමාධිබලය ... නිවනට නැමුණක් නිවනට නැඹුරු වූවක් නිවනට බර වූවක් කොට පඤ්ඤාබලය වඩයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහකරනු පිණිස මේ පස්බල වැඩියයුතු යි.
දශවැනි පුනඔඝවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි ද්වාදශක දශයෙකි. සූත්‍ර එක්සිය විස්සෙකි යි.
බලසංයුත්තය නිමි.
එහි වර්‍ගනාමාවලිය:
ගඞ්ගාපෙය්‍යාල, අප්පමාද, බලකරණිය, ඒසනා, ඕඝ, යන මොහු පුන යන්න මුල්කොට ඇති ඒ පසම කරණ කොට ගෙන බල සංයුත්තට අයත් වර්‍ග දශයෙක් වේ යි.