6. බල සංයුත්තය
1. ගඞ්ගාපෙය්යාල වර්ගය
6. 1. 1-12.
පාචීනනින්නාදි සූත්රය
2667-2678. සැවැත්නුවර
මහණෙනි, මේ බල පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධාබල විරියබල සතිබල සමාධිබල පඤ්ඤාබල යී. මහණෙනි, මේ බල පස යි. මහණෙනි, යම්සේ ගඞ්ගානදී තොමෝ පැදුම්දිගට නැමුණි පැදුම්දිගට නැඹුරු වූවා පැදුම්දිගට බර වූවා වේ ද මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ පස්බල වඩන්නේ පස්බල බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ පස්බල වඩන්නේ පස්බල බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සද්ධාබලය වඩයි. විරියබලය ... සතිබලය ... සමාධිබලය ... විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට පඤ්ඤාබලය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ පස්බල වඩන්නේ පස්බල බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යි ... නිවනට බර වූයේ වේ යි.
පළමුවැනි ගඞ්ගාපෙය්යාලවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
පාචීනනින්න සූත්ර සයෙකි. සමුද්දනින්න සූත්ර ද සයෙකි. මේ ෂට්ක දෙක දොළොසක් වේ. එයින් වර්ග යි කියනු ලැබේ යි.
2. අප්පමාද වර්ගය
6. 2. 1-10.
තථාගතාදි සූත්ර
2679-2688. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද ... යම්තාක් සත්වයෝ වෙද්ද ... බහුල කෙරේ යි.
(විවේකනිස්සිතාදි විසින් විතර තටයුත්තාහ.)
දෙවෙනි අප්පමාදවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සුරිය, වත්ථ යි දශ සූත්රාන්ත කෙනෙකි යි.
3. බලකරණීය වර්ගය
6. 3. 1-12.
බලාදි සූත්ර
2689-2700. මහණෙනි, යම්සේ යම්කිසි බලකරණීය කර්මාන්තයෝ ... බහුල කෙරේ යි.
(කී නයින් විතර කටයුතුවහ.)
තෙවෙනි බලකරණීයවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යී සතෙකි. මේඝ සූත්ර දෙකෙකි. නාවා, ආගන්තුක, නදී යි තුනෙකි. දොළොස් සුතුරෙකි යි.
4. ඒසනා වර්ගය
6. 4. 1-40.
එසනාදි සූත්ර
2701-2740. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: ... වැඩිය යුත්තාහ යි.
(විතර කටයුත්තාහ.)
සිවුවැනි ඒසනාවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා යි චතුෂ්ක දශයෙකි. සූත්ර සාලිසෙකි යි.
5. ඕඝ වර්ගය
6. 5. 1-39.
ඕඝාදි සූත්ර
2741-2779. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: ... වැඩියයුත්තාහ යි.