6. 5. 40.
උද්ධම්භාගිය සූත්රය
2780. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් වෙසෙසින් දැනුම පිණිස පස්බල වැඩියයුතු. කවර පසෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සද්ධාබලය වඩයි. විරියබලය ... සතිබලය ... සමාධිබලය ... විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට පඤ්ඤාබලය වඩයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් වෙසෙසින් දැනුම පිණිස මේ පස්බල වැඩියයුතු යි.
පස්වැනි ඕඝවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යී චතුෂ්ක දශයෙකි. සාලිස් සුතුරෙකි යි.
6. පුනගඞ්ගාපෙය්යාල වර්ගය
6. 6. 1-36.
පාචීනනින්නාදි සූත්රය
2781-2816. මහණෙනි, යම්සේ ගඞ්ගානදී තොමෝ පෙරදිගට නැමුණි ... නිවනට බර වූයේ වේ යි.
(රාගවිනයපරියොසානාදි විසිනුදු අමතෝගධාදි විසිනුදු නිබ්බාන නින්නාදි විසිනුදු එකෙක තුනක් තුනක් කොට සතිස් සූත්රාන්ත කෙනෙක් විතර කටයුත්තාහ.)
සවැනි පුන ගඞ්ගාපෙය්යාලවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
පාචීනනින්න සූත්ර ත්රික සයෙකි. සමුද්දනින්නාන ත්රික ද සයෙකි. මේ ෂට්ක දෙක ත්රික දොළොසෙක් වේ. එයින් වර්ග යී කියනු ලැබේ. මුළුල්ල සතිස් සුතුරෙකි යී.
7. පුනඅප්පමාද වර්ගය
6. 7. 1-30.
තථාගතාදි සූත්ර
2817-2846. මහණෙනි, අපා වූ ද ... යම්තාක් සත්ත්වයෝ වෙත් ද ... බහුල කෙරේ යි.
(කී නයින් තිස් සුතුරෙක් විතර කටයුතු.)
සත්වැනි පුනඅප්පමාදවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සුරිය, වත්ථ යි ත්රික දශයෙකි. සුතුරු තිසෙකි.
8. පුනබලකරණීය වර්ගය
6. 8. 1-36.
බලාදි සූත්ර
2847-2882. මහණෙනි, යම්සේ යම් කිසි බලකරණිය කර්මාන්තයෝ ... බහුල කෙරේ යි.
(සතිස් සුතුරු කෙනෙක් විතර කටයුත්තාහ.)
අටවැනි පුනබලකරණියවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යි ත්රික සතෙක් ද මේඝ ත්රික දෙකෙක් ද නාවා ආගන්තුක නදී යි ත්රික තුනෙක් දැ යි ත්රික දොළොසෙකි. සතිස් සුතුරෙකි යි.
9. පුනඒසනා වර්ගය
6. 9. 1-120.
ඒසනාදි සූත්ර
2883-3002. මහණෙනි, යම් ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: ... වැඩිය යුතුවහ යි.
(විවේකනිස්සිතාදි විසිනුදු අභිඤ්ඤාදි විසිනුදු එකෙක දොළසක් දොළසක් කොට එක්සියවිසි සුතුරු කෙනෙක් විතර කටයුත්තාහ.)
නවවැනි පුනඒසනාවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා යි ද්වාදශක දශයෙකි. එක්සියවිසි සුතුරෙකි යි.