3. බලකරණීය වර්‍ගය
6. 3. 1-12.
බලාදි සූත්‍ර
2689-2700. මහණෙනි, යම්සේ යම්කිසි බලකරණීය කර්‍මාන්තයෝ ... බහුල කෙරේ යි.
(කී නයින් විතර කටයුතුවහ.)
තෙවෙනි බලකරණීයවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යී සතෙකි. මේඝ සූත්‍ර දෙකෙකි. නාවා, ආගන්තුක, නදී යි තුනෙකි. දොළොස් සුතුරෙකි යි.
4. ඒසනා වර්‍ගය
6. 4. 1-40.
එසනාදි සූත්‍ර
2701-2740. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: ... වැඩිය යුත්තාහ යි.
(විතර කටයුත්තාහ.)
සිවුවැනි ඒසනාවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා යි චතුෂ්ක දශයෙකි. සූත්‍ර සාලිසෙකි යි.
5. ඕඝ වර්‍ගය
6. 5. 1-39.
ඕඝාදි සූත්‍ර
2741-2779. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: ... වැඩියයුත්තාහ යි.
6. 5. 40.
උද්ධම්භාගිය සූත්‍රය
2780. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් වෙසෙසින් දැනුම පිණිස පස්බල වැඩියයුතු. කවර පසෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සද්ධාබලය වඩයි. විරියබලය ... සතිබලය ... සමාධිබලය ... විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට පඤ්ඤාබලය වඩයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් වෙසෙසින් දැනුම පිණිස මේ පස්බල වැඩියයුතු යි.
පස්වැනි ඕඝවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යී චතුෂ්ක දශයෙකි. සාලිස් සුතුරෙකි යි.
6. පුනගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
6. 6. 1-36.
පාචීනනින්නාදි සූත්‍රය
2781-2816. මහණෙනි, යම්සේ ගඞ්ගානදී තොමෝ පෙරදිගට නැමුණි ... නිවනට බර වූයේ වේ යි.
(රාගවිනයපරියොසානාදි විසිනුදු අමතෝගධාදි විසිනුදු නිබ්බාන නින්නාදි විසිනුදු එකෙක තුනක් තුනක් කොට සතිස් සූත්‍රාන්ත කෙනෙක් විතර කටයුත්තාහ.)
සවැනි පුන ගඞ්ගාපෙය්‍යාලවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
පාචීනනින්න සූත්‍ර ත්‍රික සයෙකි. සමුද්දනින්නාන ත්‍රික ද සයෙකි. මේ ෂට්ක දෙක ත්‍රික දොළොසෙක් වේ. එයින් වර්‍ග යී කියනු ලැබේ. මුළුල්ල සතිස් සුතුරෙකි යී.