6. 10. 1-119.
ඕඝාදි සූත්ර
3003-3121. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: ... වැඩියයුත්තාහ යි.
(කී නයින් ම විතර කටයුත්තා හ.)
6. 10. 120.
උද්ධම්භාගිය සූත්රය
3122. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහකරනු පිණිස පස්බල වැඩිය යුතු. කවර පසෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට නැමුණක් නිවනට නැඹුරු වූවක් නිවනට බර වූවක් කොට සද්ධාබලය වඩයි. විරියබලය ... සතිබලය ... සමාධිබලය ... නිවනට නැමුණක් නිවනට නැඹුරු වූවක් නිවනට බර වූවක් කොට පඤ්ඤාබලය වඩයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහකරනු පිණිස මේ පස්බල වැඩියයුතු යි.
දශවැනි පුනඔඝවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි ද්වාදශක දශයෙකි. සූත්ර එක්සිය විස්සෙකි යි.
බලසංයුත්තය නිමි.
එහි වර්ගනාමාවලිය:
ගඞ්ගාපෙය්යාල, අප්පමාද, බලකරණිය, ඒසනා, ඕඝ, යන මොහු පුන යන්න මුල්කොට ඇති ඒ පසම කරණ කොට ගෙන බල සංයුත්තට අයත් වර්ග දශයෙක් වේ යි.