5. ඕඝ වර්‍ගය
5. 5. 1-159.
ඕඝාදි සූත්‍ර
2507-2665. මහණෙනි, මේ ඕඝ සතරෙකි ... වැඩිය යුත්තාහ යි. (විතර කටයුතු.)
5. 5. 160.
උද්ධම්භාගිය සූත්‍රය
2666. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහකරනු පිණිස සිවුසම්පදහන් වැඩියයුතු. කවර සිවුසම්පදහන්හු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුසල් දහම් නූපදනා පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් අකුසල්දහම් පහකරනු පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. නූපන් කුසල්දහම් ඉපදවීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් කුසල්දහමුන්ගේ පැවැත්ම නුමුළා බව බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස සඳ දනවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් ප්‍රහාණය පිණිස මේ සිවුසම්පදහන්හු වැඩියයුත්තාහ යි.(කියන ලද නයින් ම එක්සියසැට සූත්‍රාන්තයෝ විතර කටයුතුවහ.)
පස්වැනි ඕඝවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය, යී ෂෝඩශක දශයෙකි. සූත්‍ර මුළුල්ල එක්සිය සැටෙකි යි.
සම්මප්පධානසංයුත්තය නිමි.
එහි වර්‍ගනාමාවලිය:
ගඞ්ගාපෙය්‍යාල, අප්පමාද, බලකරණීය, ඒසනා, ඕඝ යී සම්මප්පධාන සංයුත්තයෙහි වර්‍ග පසෙක් ම වේ යි.
6. බල සංයුත්තය
1. ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
6. 1. 1-12.
පාචීනනින්නාදි සූත්‍රය
2667-2678. සැවැත්නුවර
මහණෙනි, මේ බල පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධාබල විරියබල සතිබල සමාධිබල පඤ්ඤාබල යී. මහණෙනි, මේ බල පස යි. මහණෙනි, යම්සේ ගඞ්ගානදී තොමෝ පැදුම්දිගට නැමුණි පැදුම්දිගට නැඹුරු වූවා පැදුම්දිගට බර වූවා වේ ද මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ පස්බල වඩන්නේ පස්බල බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ පස්බල වඩන්නේ පස්බල බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සද්ධාබලය වඩයි. විරියබලය ... සතිබලය ... සමාධිබලය ... විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට පඤ්ඤාබලය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ පස්බල වඩන්නේ පස්බල බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යි ... නිවනට බර වූයේ වේ යි.
පළමුවැනි ගඞ්ගාපෙය්‍යාලවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
පාචීනනින්න සූත්‍ර සයෙකි. සමුද්දනින්න සූත්‍ර ද සයෙකි. මේ ෂට්ක දෙක දොළොසක් වේ. එයින් වර්‍ග යි කියනු ලැබේ යි.
2. අප්පමාද වර්‍ගය
6. 2. 1-10.
තථාගතාදි සූත්‍ර
2679-2688. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද ... යම්තාක් සත්‍වයෝ වෙද්ද ... බහුල කෙරේ යි.
(විවේකනිස්සිතාදි විසින් විතර තටයුත්තාහ.)
දෙවෙනි අප්පමාදවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සුරිය, වත්‍ථ යි දශ සූත්‍රාන්ත කෙනෙකි යි.