5. 3. 1-48.
බලාදි සූත්ර
2299-2346. මහණෙනි, යම්යේ යම් කිසි බලකරණිය කර්මාන්තයෝ කරනු ලැබෙත් ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ බලකරණිය කර්මාන්තයෝ කරනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සිවුසම්පදහන් වඩයි. සිවුසම්පදහන් බහුල කෙරෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සිවුසම්පදහන් වඩා ද, සිවුසම්පදහන් බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුසල්දහම් නූපදනා පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන්වීර්ය්ය කෙරෙයි. උපන් ලාමක අකුසල් දහම් පහකරනු පිණිස ... නූපන් කුසල්දහම් ඉපදවීම පිණිස ... උපන් කුසල්දහමුන්ගේ පැවැත්ම නුමුළා බව බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන්වීර්ය්ය කෙරෙයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සිවුසම්පදහන් වඩයි. සිවුසම්පදහන් බහුල කෙරේ යි ... බහුල කෙරේ යි.
(මෙසේ අටසාලිස් සූත්රාන්තයෝ විතර කටයුත්තාහ.)
තෙවෙනි බලකරණියවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යි සූත්ර චතුෂ්ක සතෙකි. මේඝ චතුෂ්ක දෙකෙකි. නාවා, ආගන්තුක, නදී යි චතුෂ්ක තුනෙකි යි මෙසේ චතුෂ්ක දොළොසෙකි. සූත්ර මුළුල්ල අටසාලිසෙකි යි.
4. ඒසනා වර්ගය
5. 4. 1-160.
එසනාදි සූත්ර
2347-2506. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: කාමේසනා භවේසනා බ්රහ්මචරියේසනා යි. මහණෙනි, මේ තුන් ඒසනා යි. මහණෙනි, මේ තුන් ඒසනාවන් වෙසෙසින් දැනුම පිණිස සිවුසම්පදහන් වැඩියයුතු. කවර සිවුසම්පදහන්හු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ... උපන් කුසල්දහමුන්ගේ පැවැත්ම නුමුළා බව බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන්වීර්ය්ය කෙරෙයි. මහණෙනි, මේ තුන් ඒසනාවන් වෙසෙසින් දැනුම පිණිස මේ සිවුසම්පදහන් වැඩිය යුතු යි ... වැඩියයුතු යි.
(මෙසේ අභිඤ්ඤාය පරිඤ්ඤාය පරික්ඛයාය පහානාය යි ද එකෙක සොළොස සොළොස කොට එක්සිය සැට සූත්රාන්ත කෙනෙක් විතර කටයුතුවහ.)
සිවුවැනි ඒසනාවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා යී සූත්ර ෂෝඩශක දශයෙකි. මුළුල්ල එක්සිය සැටෙකි යි.
5. ඕඝ වර්ගය
5. 5. 1-159.
ඕඝාදි සූත්ර
2507-2665. මහණෙනි, මේ ඕඝ සතරෙකි ... වැඩිය යුත්තාහ යි. (විතර කටයුතු.)
5. 5. 160.
උද්ධම්භාගිය සූත්රය
2666. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහකරනු පිණිස සිවුසම්පදහන් වැඩියයුතු. කවර සිවුසම්පදහන්හු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුසල් දහම් නූපදනා පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන්වීර්ය්ය කෙරෙයි. උපන් අකුසල්දහම් පහකරනු පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන්වීර්ය්ය කෙරෙයි. නූපන් කුසල්දහම් ඉපදවීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන්වීර්ය්ය කෙරෙයි. උපන් කුසල්දහමුන්ගේ පැවැත්ම නුමුළා බව බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස සඳ දනවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන්වීර්ය්ය කෙරෙයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් ප්රහාණය පිණිස මේ සිවුසම්පදහන්හු වැඩියයුත්තාහ යි.(කියන ලද නයින් ම එක්සියසැට සූත්රාන්තයෝ විතර කටයුතුවහ.)
පස්වැනි ඕඝවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය, යී ෂෝඩශක දශයෙකි. සූත්ර මුළුල්ල එක්සිය සැටෙකි යි.
සම්මප්පධානසංයුත්තය නිමි.
එහි වර්ගනාමාවලිය:
ගඞ්ගාපෙය්යාල, අප්පමාද, බලකරණීය, ඒසනා, ඕඝ යී සම්මප්පධාන සංයුත්තයෙහි වර්ග පසෙක් ම වේ යි.