5. 2. 1-40.
තථාගතාදි සූත්ර
2259-2298. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිවුපා වූ ද බහුපා වූ ද යම්තාක් සත්වයෝ වෙද්ද ... බහුල කෙරේ යි.
(කියන ලද නයින් විතර කටයුතු.)
දෙවෙනි අප්පමාදවර්ගය යි.
එහි සූත්රනාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සුරිය, වත්ථ යී සූත්ර චතුෂ්ක දශයෙකි. මුළුල්ල සාලිසෙකි යි.
3. බලකරණීය වර්ගය
5. 3. 1-48.
බලාදි සූත්ර
2299-2346. මහණෙනි, යම්යේ යම් කිසි බලකරණිය කර්මාන්තයෝ කරනු ලැබෙත් ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ බලකරණිය කර්මාන්තයෝ කරනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සිවුසම්පදහන් වඩයි. සිවුසම්පදහන් බහුල කෙරෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සිවුසම්පදහන් වඩා ද, සිවුසම්පදහන් බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුසල්දහම් නූපදනා පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන්වීර්ය්ය කෙරෙයි. උපන් ලාමක අකුසල් දහම් පහකරනු පිණිස ... නූපන් කුසල්දහම් ඉපදවීම පිණිස ... උපන් කුසල්දහමුන්ගේ පැවැත්ම නුමුළා බව බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන්වීර්ය්ය කෙරෙයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සිවුසම්පදහන් වඩයි. සිවුසම්පදහන් බහුල කෙරේ යි ... බහුල කෙරේ යි.
(මෙසේ අටසාලිස් සූත්රාන්තයෝ විතර කටයුත්තාහ.)
තෙවෙනි බලකරණියවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යි සූත්ර චතුෂ්ක සතෙකි. මේඝ චතුෂ්ක දෙකෙකි. නාවා, ආගන්තුක, නදී යි චතුෂ්ක තුනෙකි යි මෙසේ චතුෂ්ක දොළොසෙකි. සූත්ර මුළුල්ල අටසාලිසෙකි යි.
4. ඒසනා වර්ගය
5. 4. 1-160.
එසනාදි සූත්ර
2347-2506. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: කාමේසනා භවේසනා බ්රහ්මචරියේසනා යි. මහණෙනි, මේ තුන් ඒසනා යි. මහණෙනි, මේ තුන් ඒසනාවන් වෙසෙසින් දැනුම පිණිස සිවුසම්පදහන් වැඩියයුතු. කවර සිවුසම්පදහන්හු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ... උපන් කුසල්දහමුන්ගේ පැවැත්ම නුමුළා බව බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන්වීර්ය්ය කෙරෙයි. මහණෙනි, මේ තුන් ඒසනාවන් වෙසෙසින් දැනුම පිණිස මේ සිවුසම්පදහන් වැඩිය යුතු යි ... වැඩියයුතු යි.