4. 7. 9.
තතියරුක්ඛ සූත්රය
1753. මහණෙනි, යම්සේ අසුරයන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් සිත්පළොල්රුක ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්ද්රිය ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්ද්රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී ... පඤ්ඤින්ද්රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. මහණෙනි, යම්සේ අසුරයන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් සිත්පළොල් රුක ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්ද්රිය ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ යි.
4. 7. 10.
චතුත්ථරුක්ඛ සූත්රය
1754. මහණෙනි, යම්සේ ගුරුළුන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් කොටහිඹුල්රුක ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්ද්රිය ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්ද්රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී ... පඤ්ඤින්ද්රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. මහණෙනි, යම්සේ ගුරුළුන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් කොටහිඹුල් රුක ඔවුනට අග්ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්ද්රිය ඔවුන්ට අග්ර ය යි කියනු ලැබේ යි.
සත්වැනි සම්බෝධි වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
සංයෝජන අනුසය අද්ධාන ආසවක්ඛය යි සූත්ර සතරෙකි. ඵල සූත්ර දෙකෙකි. රුක්ඛසූත්ර සතරෙකි. එයින් වර්ග යි කියනු ලැබේ යි.
8. ගඞ්ගාපෙය්යාල වර්ගය
4. 8. 1-12.
පාචීනනින්නාදි සූත්ර
1755-1766. මහණෙනි, යම්සේ ගඞ්ගානදී තොමෝ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද ... නිවනට බර වූයේ වේ යි.
(ඉන්ද්රියසංයුත්තයේ ගඞ්ගාපෙය්යාල වර්ගය විවේකනිස්සිතාදි විසින් විතර කටයුතු.)
අටවැනි ගඞ්ගාපෙය්යාල යි.
එහි සූත්රනාමාවලිය:
පාචීනනින්න සයෙකි. සමුද්දනින්න ද සයෙකි. මේ ෂට්ක දෙක සූත්ර දොළොසෙක් වේ. එයින් වර්ග යි කියනු ලැබේ යි.
9. අප්පමාද වර්ගය
4. 9. 1-10.
තථාගතාදි සූත්ර
1767-1776. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිවුපා වූ ද බහුපා වූ ද යම්තාක් සත්වයෝ වෙත් නම් ... බහුල කෙරේ යි.
(අප්පමාද වර්ගය ද විවේකනිස්සිතාදි විසින් විතර කටයුතු යි.)
නවවැනි අප්පමාදවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
තථාගත පද මූල සාර වස්සික රාජ චන්ද සුරිය වත්ථ යි දශසූත්රාන්ත කෙනෙකි.
10. බලකරණීය වර්ගය
4. 10. 1-12.
බලාදි සූත්ර
1777-1788. මහණෙනි, යම්සේ යම්කිසි බලකරණියකර්මාන්තයෝ කරනු ලැබෙද්ද ... බහුල කෙරේ යි.
(බලකරණිය වර්ගය ද විවේකනිස්සිතාදි විසින් විතර කටයුතු)
දසවැනි බලකරණියවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යි සූත්ර සතෙකි. මේඝ සූත්ර දෙකෙකි. නාවා ආගන්තුක නදී යි තුනෙකි. මුළුල්ල දොළොසෙකි.