4. 5. 4.
පුබ්බ කොට්ඨක සූත්‍රය
1728. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පුබ්බකොට්ඨකයෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් ඇමතූ සේක: සාරිපුත්ත සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ. විරියින්‍ද්‍රිය ... සතින්‍ද්‍රිය ... සමාධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යි තෙපි හදහවු දැ යි.
වහන්ස, සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වෙයි ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වෙයි. මෙහි ලා මම භාග්‍යවතුන් වහන්සේගේ (වදන්) ඇදහීමෙන් (නිමාවට) නො යෙමි. වහන්ස, සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යි යම් කෙනකුන් විසින් නො දන්නා ලද්දේ නො දක්නා ලද්දේ අවබෝධ නො කරන ලද්දේ නො පසක් කරන ලද්දේ නුවණින් නො පහස්නා ලද්දේ වන්නේ නම් ඔහු එහි ලා මෙරමා (වදන්) ඇදහීමෙන් (නිමාවට) යන්නාහු ය. වහන්ස, සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරණ ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යි ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යි. යම් කෙනකුන් විසිනුදු මෙය දන්නා ලද්දේ දක්නා ලද්දේ අවබෝධ කරන ලද්දේ පසක් කරන ලද්දේ නුවණින් පහස්නා ලද්දේ වේ නම් ඔහු එහි ලා නිසැක වූවාහු පහවූ විචිකිච්ඡා ඇත්තාහු වෙත්. වහන්ස, සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට දැතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට දැතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ. ම විසිනුදු මෙය දන්නා ලද්දේ ය. දක්නා ලද්දේ ය. අවබෝධ කරන ලද්දේ ය. පසක් කරන ලද්දේ ය. නුවණින් පහස්නා ලද්දේ ය. මම එහි ලා නිසැකයෙමි. පහ වූ විචිකිච්ඡා ඇතියෙමි යි.
සාරිපුත්ත මැනවි, මැනවි, සාරිපුත්ත, සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යි යම් කෙනකුන් විසින් මෙය නොදන්නා ලද්දේ නො දක්නා ලද්දේ අවබෝධ නො කරන ලද්දේ නො පසක් කරන ලද්දේ නුවණින් නො පහස්නා ලද්දේ වන්නේ නම් ඔහු එහිලා මෙරමා (වදන්) ඇදහීමෙන් (නිමාවට) යන්නාහු ය. සාරිපුත්ත, සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ වේ ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යී යම් කෙනකුන් විසිනුදු මෙය දන්නා ලද්දේ දක්නා ලද්දේ අවබෝධ කරන ලද්දේ පසක් කරන ලද්දේ නුවණින් පහස්නා ලද්දේ වේ නම් ඔහු එහිලා නිසැකයහ. පහ වූ විචිකිච්ඡා ඇතියහ යි.