4. 5. 5.
පුබ්බාරාම සූත්රය
1729. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි මිගාරමාතුපාසාද නම් පූර්වාරාමයෙහි වැඩඩසන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක ... මහණෙනි, කෙතෙක් ඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් ක්ෂීණාස්රව මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි අර්හත්ත්වය ප්රකාශ කෙරේ දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, එක් ඉන්ද්රියයක් වැඩූ බැවින් බහුල කළ බැවින් ක්ෂීණාස්රව මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැයි දනිමි” යි අර්හත්ත්වය ප්රකාශ කෙරෙයි. කවර එකක් ද යත්: පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, පැනවත් අරීසවුහට ඒ අනුව යන සැදැහැ පිහිටයි. ඒ අනුව යන වැර පිහිටයි. ඒ අනුව යන සිහිය පිහිටයි. ඒ අනුව යන සමාධිය පිහිටයි. මහණෙනි, මේ එක් ඉන්ද්රියය වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව ප්රකාශ කෙරේ යි.
4. 5. 6.
දුතිය පුබ්බාරාම සූත්රය
1730. මහණෙනි, කෙතෙක් ඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි අර්හත්ත්වය ප්රකාශ කෙරේ දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, ඉන්ද්රිය දෙකත් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැයි දනිමි” යි අර්හත්වය ප්රකාශ කෙරෙයි. කවර දෙකක්ද යත්: ආර්ය්ය වූ ප්රඥාවත් ආර්ය්යවූ විමුක්තියත් ය. මහණෙනි, ඔහුගේ යම් ආර්ය්ය වූ ප්රඥාවක් වේ නම් එය ඔහුගේ පඤ්ඤින්ද්රිය යි. මහණෙනි ඔහුගේ යම් ආර්ය්ය වූ විමුක්තියක් වේ නම් එය ඔහුගේ සමාධින්ද්රිය යි. මහණෙනි, මේ දෙඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි අර්හත්ත්වය ප්රකාශ කෙරේ යි.
4. 5. 7.
තතිය පුබ්බාරාම සූත්රය
1731. මහණෙනි, කෙනෙක් ඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි අර්හත්ත්වය ප්රකාශ කෙරේ දැ? යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, ඉඳුරන් සිවුදෙනකුන් වැඩූ බැවින් බහුල කළ බැවින් ක්ෂීණාස්රව මහණ තෙමේ: “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි අර්හත්වය ප්රකාශ කෙරේ. කවර සිවුදෙනෙකුන් ද යත්: විරියින්ද්රියය සතින්ද්රියය සමාධින්ද්රියය පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, මේ සිවුඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණතෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි රහත් බව පවසා යි.
4. 5. 8.
චතුත්ථ පුබ්බාරාම සූත්රය
1732. මහණෙනි, කෙතෙක් ඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි රහත් බව පවසා දැ? යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, ඉන්ද්රිය පසක් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව පවසයි. කවර පසක් ද යත්: සද්ධින්ද්රියය විරියින්ද්රියය සතින්ද්රිය ය සමාධින්ද්රිය ය පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, මේ පසිඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත්බව පවසා යි.
4. 5. 9.
පිණ්ඩෝල සූත්රය
1733. එක්සමයෙක භාග්යවතුන් වහන්සේ කොසඹෑනුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් විසින් “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි රහත් බව පවසන ලද්දේ වෙයි. එකල්හි බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් විසින් “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව පවසන ලද්දේ ය. වහන්ස, කිනම් කරුණක් දක්නා ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් විසින් “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව පවසන ලද්දේ දැ? යි.