4. 11. 1-40.
ඒසනාදි සූත්‍ර
1789-1828. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: ... වැඩියයුතුයි.
(ඒසනාවර්‍ගය ද විවේකනිස්සිතාදි වශයෙන් විතර කටයුතු)
එකොළොස්වැනි ඒසනාවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා ය යි සූත්‍ර චතුෂ්ක දශයෙකි. මුළුල්ල සාලිසෙකි යි.
12. ඕඝ වර්‍ගය
4. 12. 1-40.
ඕඝාදි සූත්‍ර
1829-1868. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: ... වැඩියයුතු යි ...
(ඕඝ වර්‍ගය ද විවේකනිස්සිතාදි වශයෙන් විතර කටයුතු.)
දොළොස්වැනි ඕඝවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි සූත්‍ර චතුෂ්ක දශයෙකි මුළුල්ල සාලිසෙකි යි.
13. පුනගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
4. 13. 1-36.
පාචීනනින්නාදි සූත්‍ර
1869-1904. මහණෙනි, යම්සේ ගඞ්ගා නදිය ... නිවනට බර වූයේ වේ යි.
(ඉන්‍ද්‍රියසංයුත්තයේ පුනගඞ්ගාපෙය්‍යාලවර්‍ගය රාගවිනයාදිවශයෙන් ද අමතෝගධාදිවශයෙන් ද නිබ්බානනින්නාදිවශයෙන් ද විතර කට යුතු. එකෙක තුනක් තුනක් කොට සතිස් සූත්‍රාන්ත කෙනෙක් දතයුතු.)
තෙළෙස්වැනි පුනගඞ්ගාපෙය්‍යාල යි.
එහි සූත්‍රනාමාවලිය:
පාචීනනින්නසූත්‍ර ත්‍රික සයෙකි. සමුද්දනින්න ත්‍රික ද සයෙකි. මේ ෂට්ක දෙක ත්‍රික දොළොසෙක් වේ. එයින් වර්‍ගය යි කියනු ලැබේ. සූත්‍ර මුළුල්ල සතිසෙකි යි.
14. පුනඅප්පමාද වර්‍ගය
4. 14. 1-30.
තථාගතාදි සූත්‍ර
1905-1934. මහණෙනි, අපා වූ හෝ ... යම්තාක් සත්‍වයෝ වෙද්ද ... බහුල කෙරේ යි.
(කියන ලද නය අනුව විතර කටයුතු. තිස් සූත්‍රාන්ත කෙනෙක් දතයුතුවහ.)
තුදුස්වැනි පුනඅප්පමාදවර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සූරිය, වත්‍ථ යී සූත්‍ර ත්‍රික දශයෙකි. මුළුල්ල තිසෙකි යි.
15. පුනබලකරණීය වර්‍ගය
4. 15. 1-36.
බලාදි සූත්‍ර
1935-1970. මහණෙනි, යම් කිසි බලකරණිය කර්‍මාන්තයෝ ... බහුල කෙරේ යි.
(කී නයින් ම විතර කරන්නහු විසින් සතිස් සූත්‍රාන්ත කෙනෙක් දතයුත්තාහ.)
පසළොස්වැනි පුනබලකරණීයවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලි ය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යී ත්‍රික සතෙක් ද මේඝසූත්‍ර ත්‍රික දෙකෙක් ද නාවා ආගන්තුක නදී යි ත්‍රික තුනෙක් දැ යි ත්‍රික දොළසෙකි. සූත්‍ර සතිසෙකි යි.
16. පුනඒසනා වර්‍ගය
4. 16. 1-120.
එසනාදි සූත්‍ර
1971-2090. මහණෙනි, මේ ඒසනා තුනෙකි ... වැඩියයුතු යි.
(පෙර කී නයින් ද අභිඥාවශයෙන් ද විතර කරන්නහු විසින් එක්සියවිසි සූත්‍රාන්ත කෙනෙන් දතයුත්තාහ.)
සොළොස්වැනි පුනඒසනාවර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
ඒසනා විධා ආසව භව දුක්ඛතා ඛිල මල නීඝ වේදනා තණ්හා යී සූත්‍ර ද්වාදශක දශයෙකි මුළුල්ල එක්සිය විස්සෙකි යි.