4. 1. 7.
දුතිය සමණ සූත්රය
1691. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සද්ධින්ද්රිය නො දනිත් ද, සද්ධින්ද්රිය සමුදය නො දනිත්ද, සද්ධින්ද්රිය නිරෝධය නො දනිත්ද, සද්ධින්ද්රිය නිරෝධගාමිනීපටිපදාව නො දනිත්ද, විරියින්ද්රිය නො දනිත්ද, ... සතින්ද්රිය නො දනිත්ද, ... සමාධින්ද්රිය නො දනිත්ද, ... පඤ්ඤින්ද්රිය නො දනිත් ද, පඤ්ඤින්ද්රිය සමුදය නො දනිත් ද, පඤ්ඤින්ද්රිය නිරෝධය නො දනිත් ද, පඤ්ඤින්ද්රිය නිරෝධගාමිනීපටිපදාව නො දනිත් ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහි හෝ මහණ යයි යම්මත නො වෙත්. බමුණන් කෙරෙහි හෝ බමුණු යයි සම්මත නො වෙත්. ඒ ඇවැත්හු ශ්රාමණ්යාර්ත්ථය හෝ බ්රහ්මණ්යාර්ත්ථය හෝ දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ නො ද වෙසෙත්.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සද්ධින්ද්රිය දනිත් ද, සද්ධින්ද්රිය සමුදය දනිත් ද, සද්ධින්ද්රිය නිරෝධය දනිත් ද, සද්ධින්ද්රිය නිරෝධගාමිනීපටිපදාව දනිත් ද, විරියින්ද්රිය දනිත් ද, ... සතින්ද්රිය දනිත් ද ... සමාධින්ද්රිය දනිත් ද ... පඤ්ඤින්ද්රිය දනිත් ද, පඤ්ඤින්ද්රිය සමුදය දනිත් ද, පඤ්ඤින්ද්රිය නිරෝධය දනිත් ද, පඤ්ඤින්ද්රිය නිරොධගාමිනී පටිපදාව දනිත් ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහි ත් මහණ යයි යම්මත හ. බමුණන් කෙරෙහිත් හෝ බමුණු යයි සම්මත හ. ඒ ඇවැත්හු ද ශ්රාමණ්යාර්ත්ථය ද, බ්රහ්මණ්යාර්ත්ථය ද, දිටුදැමියෙහි ම වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.
4. 1. 8.
දට්ඨබ්බ සූත්රය
1692. මහණෙනි, මේ ඉන්ද්රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, සද්ධින්ද්රිය කොහි ලා දත යුතු ද යත්; සිවුසොවත්අඟෙහිය. මෙහි ලා සද්ධින්ද්රිය දතයුතු. මහණෙනි, විරියින්ද්රිය කොහි ලා දත යුතු ද යත්: සිවුසම්පදහන්හි ය. මෙහි ලා විරියින්ද්රිය දත යුතු. මහණෙනි, සතින්ද්රිය කොහි ලා දත යුතු ද යත්: සිවුසීවටන් හි ය. මෙහි ලා සතින්ද්රිය දත යුතු. මහණෙනි, සමාධින්ද්රිය කොහි ලා දත යුතු ද යත්: සිවුදැහැන් හි ය. මෙහි ලා සමාධින්ද්රිය දත යුතු. මහණෙනි, පඤ්ඤින්ද්රිය කොහි ලා දත ද යත්: සිවුඅරීසස් හි ය. මෙහි ලා පඤ්ඤින්ද්රිය දත යුතු. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
4. 1. 9.
විභඞ්ග සූත්රය
1693. මහණෙනි, මේ ඉන්ද්රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, සද්ධින්ද්රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු සැදැහැ ඇත්තේ වේ, “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනු දු අර්හත් හ. සම්මාසම්බුද්ධහ. විජ්ජාචරණ සම්පන්නහ. සුගත්හ. ලෝකවිදූහ. අනුත්තරපුරිසදම්මසාරථිහ. දෙවි මිනිසුන්ට ශාස්තෘහ. බුද්ධහ. භගවත්හ” යි තථාගතයන් වහන්සේගේ බුදුබව හදහ යි. මහණෙනි, මේ සද්ධින්ද්රියයි කියනු ලැබේ.
මහණෙනි, විරියින්ද්රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු අකුසල්දහම් පැහීම පිණිස කුසල්දහම් රැස්කිරීම පිණිස පිරිපුන් වැර ඇත්තේ කුසල්දහම්හි තිර වැර ඇත්තේ දැඩි පැරකුම් ඇත්තේ නො බහා තැබූ ධුර ඇත්තේ වෙසෙයි. මහණෙනි, මේ විරියින්ද්රිය යි කියනු ලැබේ.