3. 7. 1-40.
තථාගතාදි සූත්‍ර
1277-1316. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිවුපා වූ ද බහුපා වූ ද යම්තාක් සත්ත්‍වයෝ වෙද්ද ... බහුල කෙරේ යි. (අප්පමාදවර්‍ගය සීවටන් විසින් විතර කට යුතු)
සත්වැනි අප්පමාදවර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සුරිය, වත්‍ථ යී චතුෂ්ක දශයෙ කි. මුළුල්ල සාලිසෙකි යි.
(මෙහි ද එකෙක සතරක් සතරක් කොට සමසාලිස්සූත්‍රාන්තයෝ විතර කට යුතුහ).
8. බලකරණීය වර්‍ගය
3. 8. 1-48.
බලාදි සූත්‍ර
1317-1364. මහණෙනි, යම්සේ යම්කිසි බලකරණියකර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද ... බහුල කෙරේ යි.
(බලකරණියවර්‍ගය ද සීවටන් විසින් විතර කට යුතු)
අටවැනි බලකරණියවර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, යන චතුෂ්ක සත ද මේඝචතුෂ්ක දෙක ද නාවා, ආගන්තුක, නදී, චතුෂ්ක තුන දැ යි මුළුල්ල දොළොසෙකි. සූත්‍ර අටසාලිසෙකි යි.
(මෙහි දු එකෙක සතරක් සතරක් කොට අටසාලිස් සූත්‍රාන්තයෝ විතර කට යුතුහ.)
9. ඒසනා වර්‍ගය
3. 9. 1-160.
ඒසනාදි සූත්‍ර
1365-1524. මහණෙනි, මේ ඒසනා තුනෙ කි. කවර තුනෙක් ද යත්: කාමේසනා, භවේසනා, බ්‍රහ්මචරියේසනා යි ... වැඩිය යුත්තේ යි.
(ඒසනාවර්‍ගය ද, සීවටන් විසින් විතර කට යුතු)
නවවැනි ඒසනාවර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
ඒසනා විධා ආසව භව දුක්ඛතා ඛීල මල නීඝ වේදනා තණ්හා යි ෂෝඩශක දශයෙ කි. සූත්‍ර මුළුල්ල එක්සිය සැටෙකි.
(කියන ලද සිවුනයින් ද, නැවත ඔවුන් අභිඤ්ඤා ය පරිඤ්ඤා ය පරික්ඛයාය පහානාය යි සිවුනයින් ද බෙදන්නහු විසින් එකෙක සොළස සොළස කොට එක්සියසැට සූත්‍රාන්තයෝ විතර කට යුතු හ.)