3. 5. 7.
දුච්චරිත සූත්රය
1225. එකල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පසෙක හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළේය: “වහන්ස, මම භාග්යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා ව කෙලෙස් තවන වැර ඇතියෙම් කාදිවිදෙක්හි නිරපේක්ෂකයෙම් වෙසෙන්නෙම් නම් භාග්යවතුන් වහන්සේ (එබඳු) දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනැවි” යි.
මහණ, එසේ නම් තෙපි මෙහිලා කුසල්දම්හි මුල ම පිරිසිදු කරවු. කුසල්දහමුන්ගේ මුල කිමෙක් ද යත්: මහණ මෙහි තෙපි කාය දුශ්චරිතය හැර කායසුචරිතය වඩන්නහු වාග්දුශ්චරිතය හැර වාක්සුචරිතය වඩන්නහු. මනෝ දුශ්චරිතය හැර මනඃසුචරිතය වඩාන්නහු. මහණ, තෙපි යම් කලෙක කායදුශ්චරිතය හැර කායසුචරිතය වඩන්නහු නම් වාග්දුශ්චරිතය හැර වාක්සුචරිතය වඩන්නහු නම් මනෝදුශ්චරිතය හැර මනඃසුචරිතය වඩාන්නහු නම් මහණ, එකල්හි තෙපි සීලය නිසා සීලයෙහි පිහිටා සිවුසීවටන් වඩන්නහු. කවර සිවුසීවටන්හු ද යත්: මහණ, මෙහි තෙපි කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇතිව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. මහණ, තෙපි යම් කලෙක සීලය නිසා සීලයෙහි පිහිටා මේ සිවුසීවටන් මෙසේ වඩන්නහු ද; මහණ, එකල්හි තොපට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණෙන්නේ නම් කුසල්දහම්හි පිරිහීමෙක් නොව වැඩීමෙක්ම කැමති විය යුතුයි ... ඒ මහණ ද රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ යි.
3. 5. 8.
මිත්ත සූත්රය
1226. මහණෙනි, මිතුරු වූ හෝ ඇමති (යහළු) වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනෙකුන්ට අනුකම්පා කරන්නහු නම් යම් කෙනෙක් ඇහුම්කන් දිය යුතු කොට හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු සිවුසීවටන් වැඩීමෙහි සමාදන් කරවිය යුතු හ. වැස් විය යුතු හ. පිහිටු විය යුතු හ. කවර සිවුසීවටන් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මිතුරු වූ හෝ ඇමති වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන්ට අනුකම්පා කරන්නහු නම් යම් කෙනකුත් ඇහුම්කන් දිය යුතු කොට හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු සිවුසීවටන් වැඩීමෙහි සමාදන් කරවිය යුතුහ. වැස්විය යුතුහ. පිහිටු විය යුතුහ යි.
3. 5. 9.
වේදනා සූත්රය
1227. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක්නොසුවවේදනා යි. මහණෙනි, මොහු තුන්වේදනාවෝයි. මහණෙනි, මේ තුන්වේදනාවන් පිරිසිඳ දැනීම පිණිස සිවුසීවටන් වැඩිය යුතු. කවර සිවුසීවටන්හුද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව ... විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ තුන්වේදනාවන් පිරිසිඳ දැනීම පිණිස සිවුසීවටන්හු වැඩිය යුතුහ යි.
3. 5. 10.
ආසව සූත්රය
1228. මහණෙනි, මේ ආස්රව තුනෙකි. කවර තුනෙක් ද යත්: කාමාස්රවය, භවාස්රවය, අවිද්යාස්රවය යි. මහණෙනි, මේ ආස්රව තුන යි. මහණෙනි, මේ ආස්රව තුන පැහීම පිණිස සතිපට්ඨාන සතර වැඩිය යුතු. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ ආස්රව තුන පැහීම පිණිස මේ සතිපට්ඨාන සතර වැඩිය යුතු යි.
පස්වැනි අමත වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
අමත, සමුදය, මග්ග, සතෝ, කුසලරාසි, පාතිමොක්ඛ, දුච්චරිත, මිත්ත, වේදනා, ආසව යී දශසූත්රාන්තකෙනෙකි යි.