3. 5. 8.
මිත්ත සූත්රය
1226. මහණෙනි, මිතුරු වූ හෝ ඇමති (යහළු) වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනෙකුන්ට අනුකම්පා කරන්නහු නම් යම් කෙනෙක් ඇහුම්කන් දිය යුතු කොට හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු සිවුසීවටන් වැඩීමෙහි සමාදන් කරවිය යුතු හ. වැස් විය යුතු හ. පිහිටු විය යුතු හ. කවර සිවුසීවටන් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මිතුරු වූ හෝ ඇමති වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන්ට අනුකම්පා කරන්නහු නම් යම් කෙනකුත් ඇහුම්කන් දිය යුතු කොට හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු සිවුසීවටන් වැඩීමෙහි සමාදන් කරවිය යුතුහ. වැස්විය යුතුහ. පිහිටු විය යුතුහ යි.
3. 5. 9.
වේදනා සූත්රය
1227. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක්නොසුවවේදනා යි. මහණෙනි, මොහු තුන්වේදනාවෝයි. මහණෙනි, මේ තුන්වේදනාවන් පිරිසිඳ දැනීම පිණිස සිවුසීවටන් වැඩිය යුතු. කවර සිවුසීවටන්හුද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව ... විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ තුන්වේදනාවන් පිරිසිඳ දැනීම පිණිස සිවුසීවටන්හු වැඩිය යුතුහ යි.
3. 5. 10.
ආසව සූත්රය
1228. මහණෙනි, මේ ආස්රව තුනෙකි. කවර තුනෙක් ද යත්: කාමාස්රවය, භවාස්රවය, අවිද්යාස්රවය යි. මහණෙනි, මේ ආස්රව තුන යි. මහණෙනි, මේ ආස්රව තුන පැහීම පිණිස සතිපට්ඨාන සතර වැඩිය යුතු. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ ආස්රව තුන පැහීම පිණිස මේ සතිපට්ඨාන සතර වැඩිය යුතු යි.
පස්වැනි අමත වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
අමත, සමුදය, මග්ග, සතෝ, කුසලරාසි, පාතිමොක්ඛ, දුච්චරිත, මිත්ත, වේදනා, ආසව යී දශසූත්රාන්තකෙනෙකි යි.
6. ගඞ්ගාපෙය්යාල වර්ගය
3. 6. 1-48.
ගඞ්ගාදි සූත්ර
1229-1276. මහණෙනි, යම්සේ ගඞ්ගානදිය පෙරදිගට නැමුනී පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද ... නිවනට බර වූයේ වේ යි.
(ගඞ්ගාපෙය්යාලවර්ගය සතිපට්ඨාන වශයෙන් විස්තර කට යුතු)
සවැනි ගඞ්ගාපෙය්යාලවර්ගය යි.
එහි සූත්රනාමාවලිය:
පාචීනනින්නසූත්ර චතුෂ්ක සයෙකි. සමුද්දනින්නසූත්ර චතුෂ්ක සයෙකි. මේ දෙකොටස දොළොස් චතුෂ්කයෙක් වේ. එයින් වර්ගය යි කියනු ලැබේ. (සූත්ර මුළුල්ල අටසාලිසෙකි).
(විවෙක නිස්සිතාදි වශයෙන් ද රාගවිනයපරියොසානාදි වශයෙන් ද අමතෝගධාදිවශයෙන් ද නිබ්බානනින්නාදි වශයෙන් ද එකෙක සතරක් සතරක් කොට අටසාලිස් සුත්රාන්තයෝ විතර කට යුතු වෙත්.)
7. අප්පමාද වර්ගය
3. 7. 1-40.
තථාගතාදි සූත්ර
1277-1316. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිවුපා වූ ද බහුපා වූ ද යම්තාක් සත්ත්වයෝ වෙද්ද ... බහුල කෙරේ යි. (අප්පමාදවර්ගය සීවටන් විසින් විතර කට යුතු)
සත්වැනි අප්පමාදවර්ගය යි.
එහි සූත්රනාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සුරිය, වත්ථ යී චතුෂ්ක දශයෙ කි. මුළුල්ල සාලිසෙකි යි.
(මෙහි ද එකෙක සතරක් සතරක් කොට සමසාලිස්සූත්රාන්තයෝ විතර කට යුතුහ).