2. 8. 49-54.
විරාග සූත්ර
711-716. මහණෙනි, විරාගසඤ්ඤාව ... පවතී යි.
2. 8. 55.
නිරෝධ සූත්රය
717. මහණෙනි, නිරෝධසඤ්ඤාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට නිරෝධසඤ්ඤාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... නිරෝධසඤ්ඤාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද නිරෝධසංඥාව මහත්ඵල මහානිසංස වේ යි.
2. 8. 56.
දුතිය නිරෝධ සූත්රය
718. මහණෙනි, නිරෝධ සඤ්ඤාව වැඩූ කල්හි බහුල කළ කල්හි ඵලදෙකින් එක්තරා ඵලයක් කැමති වියයුතු: දිටුදැමියෙහි රහත්බව හෝ උපාදාන සේස ව ඇති කල්හි අනගැමි බව හෝයි. මහණෙනි, නිරෝධසඤ්ඤාව කෙසේ වැඩූ කල්හි, කෙසේ බහුල කල කල්හි දිටුදැමියෙහි ම රහත්බව හෝ උපාදාන සේස ව ඇති කල්හි අනගැමි බව හෝ යන ඵලදෙකින් එක්තරා ඵලයක් කැමති විය යුතු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට නිරෝධසඤ්ඤාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... නිරෝධසඤ්ඤාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, නිරෝධසඤ්ඤාව මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි දිටුදැමියෙහි ම රහත්බව හෝ උපාදාන සේස ව ඇති කල්හි අනගැමිබව හෝ යනඵල දෙකින් එක්තරා ඵලයක් කැමති වියයුතු යි.
2. 8. 57.
තතිය නිරෝධ සූත්රය
719. මහණෙනි, නිරෝධසඤ්ඤාව වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් වැඩ පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤා මහත් වැඩ පිණිස පවතී ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට නිරෝධ සඤ්ඤාව සමඟ යෙදුණු සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... නිරෝධසඤ්ඤාව සමඟ යෙදුනු උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් වැඩ පිණිස පවතී යි.
2. 8. 58.
චතුත්ථ නිරෝධ සූත්රය
720. මහණෙනි, නිරෝධසඤ්ඤාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත් යෝගක්ෂේමය (නිවන) පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් යෝගක්ෂේමය පිණිස පවතී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට නිරෝධ සඤ්ඤාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. ... නිරෝධසඤ්ඤාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් යෝගක්ෂේමය පිණිස පවතී යි.
2. 8. 59.
පඤ්චම නිරෝධ සූත්රය
721. මහණෙනි, නිරෝධසඤ්ඤාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත් සංවේගය පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් සංවේගය පිණිස පවතී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ග පරිණාමි කොට නිරෝධසඤ්ඤාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... නිරෝධසඤ්ඤාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩනලද මෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් සංවේගය පිණිස පවතී යි.
2. 8. 60.
ඡට්ඨ නිරෝධ සූත්රය
722. මහණෙනි, නිරෝධසඤ්ඤාව වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් පහසුවිහරණ පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද නිරෝධ සඤ්ඤාව මහත් පහසු විහරණ පිණිස පවතී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට නිරෝධසඤ්ඤාව සමඟ යෙදුණු සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... නිරෝධසඤ්ඤාව සමඟ යෙදුනු උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් පහසු විහරණය පිණිස පවතී යි.
අටවැනි නිරෝධ වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
අසුභ, මරණ, ආහාරේ පටික්කූල, අනභිරත, අනිච්ච, දුක්ඛ, අනත්ත, පහාන, විරාග, නිරෝධ යි ෂට්ක දශයෙකි. සූත්ර මුළුල්ල සැටෙකි.