2. 8. 59.
පඤ්චම නිරෝධ සූත්රය
721. මහණෙනි, නිරෝධසඤ්ඤාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත් සංවේගය පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් සංවේගය පිණිස පවතී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ග පරිණාමි කොට නිරෝධසඤ්ඤාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... නිරෝධසඤ්ඤාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩනලද මෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් සංවේගය පිණිස පවතී යි.
2. 8. 60.
ඡට්ඨ නිරෝධ සූත්රය
722. මහණෙනි, නිරෝධසඤ්ඤාව වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් පහසුවිහරණ පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද නිරෝධ සඤ්ඤාව මහත් පහසු විහරණ පිණිස පවතී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට නිරෝධසඤ්ඤාව සමඟ යෙදුණු සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... නිරෝධසඤ්ඤාව සමඟ යෙදුනු උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් පහසු විහරණය පිණිස පවතී යි.
අටවැනි නිරෝධ වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
අසුභ, මරණ, ආහාරේ පටික්කූල, අනභිරත, අනිච්ච, දුක්ඛ, අනත්ත, පහාන, විරාග, නිරෝධ යි ෂට්ක දශයෙකි. සූත්ර මුළුල්ල සැටෙකි.
9. ගඞ්ගාපෙය්යාල වර්ගය
2. 9. 1-12.
ගඞ්ගාදි සූත්ර
723-734. මහණෙනි, යම්සේ ගඞ්ගානදිය පෙරදිගට නැමුණි පෙර දිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ සත්බොජඟ වඩන්නේ සත්බොජඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බරවූයේ වේ. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ සත්බොජඟ වඩන්නේ සත්බොජඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ මහණ සත්බොජඟ වඩන්නේ සත්බොජඟ බහුල කරන්නේ නිවනට නැමුණේ, නිවනට නැඹුරු වූයේ, නිවනට බර වූයේ යි … නිවනට බර වූයේ යි. (දොළොස් සූත්රාන්තයෝ විස්තර කට යුත්තාහ)
නවවැනි ගඞ්ගාපෙය්යාල වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
පාචීනනින්න සූත්ර සයෙකි. සමුද්දනින්න සූත්ර සයෙකි. මේ ෂට්ක දෙක සූත්ර දොළසෙක් වේ. එයින් වර්ග යි කියනු ලැබේ.
10. අප්පමාද වර්ගය
2. 10. 1-10.
තථාගතාදි සූත්ර
735-744. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිව්පා වූ ද බහුපා වූ ද යම් තාක් සත්ත්වයෝ වෙද්ද … බහුල කෙරේ යි.
(බොජ්ඣඞ්ග වශයෙන් දශසූත්රාන්තයෝ විතර කටයුතු.)
දශවැනි අප්පමාද වර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සූරිය, වත්ථ යී සූත්ර දශයෙකි.