2. 8. 57.
තතිය නිරෝධ සූත්‍රය
719. මහණෙනි, නිරෝධසඤ්ඤාව වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් වැඩ පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤා මහත් වැඩ පිණිස පවතී ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට නිරෝධ සඤ්ඤාව සමඟ යෙදුණු සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... නිරෝධසඤ්ඤාව සමඟ යෙදුනු උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් වැඩ පිණිස පවතී යි.
2. 8. 58.
චතුත්‍ථ නිරෝධ සූත්‍රය
720. මහණෙනි, නිරෝධසඤ්ඤාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත් යෝගක්‍ෂේමය (නිවන) පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් යෝගක්‍ෂේමය පිණිස පවතී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට නිරෝධ සඤ්ඤාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. ... නිරෝධසඤ්ඤාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් යෝගක්‍ෂේමය පිණිස පවතී යි.
2. 8. 59.
පඤ්චම නිරෝධ සූත්‍රය
721. මහණෙනි, නිරෝධසඤ්ඤාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත් සංවේගය පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් සංවේගය පිණිස පවතී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ග පරිණාමි කොට නිරෝධසඤ්ඤාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... නිරෝධසඤ්ඤාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩනලද මෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් සංවේගය පිණිස පවතී යි.
2. 8. 60.
ඡට්ඨ නිරෝධ සූත්‍රය
722. මහණෙනි, නිරෝධසඤ්ඤාව වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් පහසුවිහරණ පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද නිරෝධ සඤ්ඤාව මහත් පහසු විහරණ පිණිස පවතී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට නිරෝධසඤ්ඤාව සමඟ යෙදුණු සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... නිරෝධසඤ්ඤාව සමඟ යෙදුනු උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් පහසු විහරණය පිණිස පවතී යි.
අටවැනි නිරෝධ වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
අසුභ, මරණ, ආහාරේ පටික්කූල, අනභිරත, අනිච්ච, දුක්ඛ, අනත්ත, පහාන, විරාග, නිරෝධ යි ෂට්ක දශයෙකි. සූත්‍ර මුළුල්ල සැටෙකි.