2. 7. 4.
චතුත්ථ අට්ඨික සූත්රය
606. මහණෙනි, අට්ඨිකසඤ්ඤාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත් යෝගක්ඛේමය (නිවන) පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් යෝගක්ඛේමය පිණිස පවතී ද යත්: මහණෙනි මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට අට්ඨිකසඤ්ඤා සහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... අට්ඨිකසඤ්ඤා සහගත උපේඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් යෝගක්ඛේමය පිණිස පවති යි.
2. 7. 5.
පඤ්චම අට්ඨික සූත්රය
607. මහණෙනි, අට්ඨික සඤ්ඤාව වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් සංවේග පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අස්ථිකසංඥාව මහත් සංවේග පිණිස පවතී ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට අට්ඨිකසඤ්ඤාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... අට්ඨිකසඤ්ඤා සහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත්සංවේගය පිණිස පවතී යි.
2. 7. 6.
ඡට්ඨ අට්ඨික සූත්රය
608. මහණෙනි, අට්ඨිකසඤ්ඤාව වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් පහසු විහරණ පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් පහසු විහරණ පිණිස පවතී ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට අට්ඨිකසඤ්ඤා සහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි -පෙ- අට්ඨික සඤ්ඤා සහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් පහසු විහරණ පිණිස පවතියි.
2. 7. 7-12.
පුළවක සූත්ර
609-614 මහණෙනි, පුළවකසඤ්ඤාව ... පවතී යි.
2. 7. 13-18.
විනීලක සූත්ර
615-620 මහණෙනි, විනීලක සඤ්ඤාව … පවතී යි.
2. 7. 19-24.
විච්ඡිද්දක සූත්ර
621-626 මහණෙනි, විච්ඡිද්දක සඤ්ඤාව … පවතී යි.
2. 7. 25-30.
උද්ධුමාතක සූත්ර
627-632 මහණෙනි, උද්ධුමාතක සඤ්ඤාව … පවතී යි.
2. 7. 31-36.
මෙත්තා සූත්ර
633-638 මහණෙනි, මෛත්රිය … පවතී යි.
2. 7. 37-42.
කරුණා සූත්ර
639-644 මහණෙනි, කරුණාව ... පවතී යි.
2. 7. 43-48.
මුදිතා සූත්ර
645-650 මහණෙනි, මුදිතාව … පවතී යි.
2. 7. 49-54.
උපේඛා සූත්ර
651-656 මහණෙනි, උපේක්ෂාව … පවතී යි.
2. 7. 55-60.
ආනාපානසති සූත්ර
657-662 මහණෙනි, ආනාපානසතිය … පවතී යි.
සත්වැනි ආනාපානවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
අට්ඨික, පුළවක, විනීලක, විච්ජිද්දක, උද්ධුමාතක, මෙත්තා, කරුණා, මුදිතා, උපේඛා, ආනාපාන යී ෂට්ක දශයෙකි. සූත්ර මුළුල්ල සැටෙකි.